gossiplanka alexa බෞද්ධ ආගමික වතාවත් අනුව අවසන් ගමන් ගිය කොතලාව රිස්වාන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බෞද්ධ ආගමික වතාවත් අනුව අවසන් ගමන් ගිය කොතලාව රිස්වාන්

හල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ කල තරුණිය බේරා ගැනිමට ජලාශයට පැන ජිවිතක්ෂයට පත් මුස්ලිම් ජාතික හමිඩ් රිස්වාන් (28) දෙදරු පියාගේ අවසන් කටයුතු අද (23) දින ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භුමියේ දි සිදු කරනු ලැබුවා.

හමිඩ් රිස්වාන්ගේ පශ්චාත් මරණ පරික්ෂණය නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා විසින් ඊයේ දින සිදු කිරිමෙන් පසු දේහය ඊයේ පස්වරුවේ රිස්වාන් පදිංචිව සිටි ලිදුල ෆාමස්ටන් රත්නගිරිය ජනපදයට රැගෙන එනු ලැබුවා.

හමඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්විමට සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් විශාල පිරිසක් දේහය තැන්පත් කර ඇති ඔහුගේ මවගේ නිවස වෙත පැමිණ සිටි අතර තලවකැලේ පොලිසියේ සහ ලිදුල පොලිසියේ ස්ථානාධිපතිවරුන් සහ පොලිස් නිලධාරින්ද හමිඩ් රිස්වාන්ගේ දේහයට අවසන් ගෞරව දක්වනු ලැබුවා.

මේ අතර ඉහල කොත්මලේ ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට තැත් කල තලවකැලේ ප්‍රදේශයේ පදිංචි තිරුචෙල්වම් ශ්‍රියානි (22) හැවිරිදි තරුණිය තව දුරටත් ලිදුල ප්‍රාදේශිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන අතර ඇයව බැලිමට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු රෝහල වෙත ගොස් ඇයට දැඩි ලෙස අවවාද කරනු ලැබුවා.

එහි දි එම තරුණිය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කියා සිටියේ තමන්ගේ පෞද්ගලික හේතුවක් මත ගත් ක්ෂණික තිරණය වැරදි බව තමන්ට දැන් වැටහෙන බවයි.

දියේ ගිලෙමින් සිටිය දි එම තරුණිය බේරා ගත් තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු සහ ඔහුට සහයෝගය ලබා දුන් පොකො රුබන් යන දෙදෙනාව තලවකැලේ ප්‍රදේශයේ දමිල තරුණයන් පිරිසක් විසින් පොලිස් ස්ථානය වෙත පැමිණ ඔහුන් දෙදෙනා සිදුකල උදාර කැපවිම අගය කරමින් හින්දු චාරිත්‍රනුකුලව සළු පලදවා උපහාර පිදිමක්ද සිදුකරනු ලැබුවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu