gossiplanka alexa හිටපු අමාත්‍ය රාජිත මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු අමාත්‍ය රාජිත මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ලබන 27 වනදා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ (13) රාත්‍රියේ නියෝග කරනු ලැබුවා.

එම නියෝගයෙන් පසු හිටපු අමාත්‍යවරයා මීගමුව පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනාධිපතිවරණ පැවැත්වූ ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියට අදාළව ඔහුට ඇප නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය දෙසැම්බර් 30 වනදා ලබාදුන් නියෝගය දෝෂ සහිත බවට කොළඹ මහාධිකරණය විසින් ඊයේ තීන්දු කරනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් කඩිනමින් ඉදිරි පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට නියෝග කළා.

ඉන් අනතුරුව හිටපු අමාත්‍යවරයා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළ අතර පසුව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ඊයේ පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ භාර වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර වීමෙන් අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu