gossiplanka alexa අම්ෆන් ඉදිරි පැය 06 තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු - ප්‍රවේශම් වන්න කාලගුණයෙන් ජනතාවට දැනුම් දීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අම්ෆන් ඉදිරි පැය 06 තුල චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු - ප්‍රවේශම් වන්න කාලගුණයෙන් ජනතාවට දැනුම් දීමක්

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ආශ්‍රිතව ත්‍රිකුණාමලය ඊසාන දෙසින් පවතින අම්ෆන් චන්ඩ සුළි කුණාටුව දක්වා ඉදිරි පැය 06 තුල අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් දිවයිනේ නිරත දිග කොටසට තදුරටත් වැසි තත්ත්වයන් වැඩි ලෙස බලාපොරොත්තු විය හැකි බවයි මේ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

එමෙන්ම එම දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවල නොයෙදෙන ලෙසයි.

මේ අතර ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වර්ෂාව සමඟ එම ජලාශයේ වාන් දොරුටු ස්වයංක්‍රිය ලෙස අද දහවල් විවෘත වී තිබෙනවා.

ජලාශය භාර ඉංජිනේරුවරයා පවසන්නේ තවදුරටත් වැසි පැවතියහොත් එම ජලාශයේ සියලුම වාන් දොරුටු ස්වයංක්‍රියව විවෘත වන බවයි.

මේ අතර දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම යළිත් දීර්ඝ කර තිබෙනවා.

ගාල්ල / මාතර / රත්නපුර / කලුතර / කෑගල්ල / මහනුවර / කොළඹ / මාතලේ / කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහායි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත්තේ.

එය හෙට පස්වරු 2 දක්වා බලාත්මක වන බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu