gossiplanka alexa බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවූ රෝගියා නිසා අසල පන්සලක භික්ෂුන් වහන්සේලා පිරිසකුත් ස්වයං නිරෝධායනට යොමු කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බොරලැස්ගමුව ප්‍රදේශයෙන් හමුවූ රෝගියා නිසා අසල පන්සලක භික්ෂුන් වහන්සේලා පිරිසකුත් ස්වයං නිරෝධායනට යොමු කරයි

බොරලැස්ගමුව විහාරස්ථානයක විහාරාධිපති හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා පිරිසක් විහාරස්ථානය තුළදී ස්වයං නිරෝධායනයට ලක් කිරීමට බොරලැස්ගමුව සෞඛ්‍ය නිලධාරී කාර්යාලය අද (21) පියවර ගනු ලැබුවා.

ඒ බොරලැස්ගමුව රත්නපිටිය විශ්ව විද්‍යාල පාරෙන් හමුවූ කොරෝනා ආසාධිතයාගේ පවුලේ අයගේ නිවස ආසන්නයේ පිහිටා ඇති මෙම විහාරස්ථානය වෙත අදාළ පවුල විසින් දහවල් දානය පිරිනමා ඇති බව අනාවරණය වීමත් සමඟ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් මෙම තීරණය ගෙන තිබුණා.

මෙලෙස හමුවූ ආසාධිතයා වයස අවුරුදු 56ක පුද්ගලයෙක් වන අතර උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව සෑදීම හේතුවෙන් ඊයේ (20) දිනයේ දී ඔහු ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුලත්ව ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලට ඇතුලත් වීමෙන් අනතුරුව PCR පරීක්ෂණයක් සිදුකර ඇති අතර පසුව ඔහු කොරෝනා ආසාධිතයෙක් බවයි අනාරවරණය වී ඇත්තේ.

ආසාධිත පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමට රැගෙන ගිය ඔහුගේ පුත්‍රයා ද එම රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර කරනු ලබන අතර එම පුද්ගලයාට මෙතෙක් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති බව සඳහන් වනවා.

මේ වන විට රෝගියාගේ බිරිඳ ද නිවස තුල ස්වයං නිරෝධායනයට යොමුව ඇති අතර අද දිනයේ දී නිවස සහ විහාරස්ථානයේ භූමිය සහ අවට ප්‍රදේශය විෂබිජහරණයට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu