gossiplanka alexa ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 500 සීමාව පනී - පැය 48කදී නව රෝගීන් 100 වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් ගණන 500 සීමාව පනී - පැය 48කදී නව රෝගීන් 100 වාර්තා වෙයි

ශ්‍රී ලංකා හමුවූ නව කොරෝනා වෛරසය ආසාධිතයන් ගණන ඊයේ (26) රාත්‍රීය වන විට 500 සිමාව ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට වාර්තා වන රෝගීන් 523කි.


ඊයේ දිනය තුලදී පමණක් රෝගීන් 63ක් හමුවූ අතර එය එක් දිනයක් තුල ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ වැඩිම රෝගීන් ගණන ලෙසයි සඳහන් වන්නේ.

ඉන් 396 දෙනෙක් මේ වන විටත් ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින කොරෝනා යැයි මෙතෙක් තහවුරු නොවූ රෝගීන් ගණන 273කි.

වෛරසය ආසාධනය වී සම්පුර්ණයෙන්ම සුව වූ සංඛ්‍යාව 120 ක් වන අතර කොරෝනා මරණ 7ක් ලෙසයි වාර්තා වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ ජනවාරි 27 චීන ජාතික කාන්තාවට වෛරසය වැළඳුණු බව වාර්තා වූ අතර එතැන් සිට පළමු ආසාධිතයින් 100 වාර්තා වීමට ගතවුයේ දින 57ක් පමණි.

දෙවන ආසාධිත 100 වාර්තා වීමට දින 19ක් ගත වී තිබුණා.

කෙසේ නමුත් තුන්වන ආසාධිත 100 වාර්තා වීමට දින 9ක් සහ 4 වන ආසාධිතයන් 100 වාර්තා වීමට ගත වී තිබුණේ දින 4ක් වැනි අඩු කාල සීමාවකි.

නමුත් පැය 48ක් වන විට පස්වන ආසාධිතයන් 100 වාර්තා වී තිබෙනවා.

මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 140කට ආසන්න පිරිසකට වෛරසය වැළඳී ඇති බව තහවුරු වී ඇති බව වාර්තා වනවා.

කෙසේ නමුත් ඊයේ දිනයේ වාර්තා වූ ආසාධිතයන් 63 දෙනා අතුරින් 53 දෙනෙක්ම වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් බව යුධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එම සෙබළුන් අතරින් 37 දෙනෙක් නිවාඩු ගොස් සිටි ඇති අතර දිස්ත්‍රික්ක 13කින් හමුවී තිබෙන අතර අනෙක් 16 දෙනා කඳවුර තුලින් වාර්තා වී තිබෙනවා.

ඔවුන් ඇසුරු කළ තවත් පුද්ගලයන් 5 දෙනෙක් හට කොරෝනා වෛරසය වැළඳී ඇති බව ඊයේ දිනයේ තහවුරු වී ඇති අතර අනෙක් රෝගීන් පස් දෙනා නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වී ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu