gossiplanka alexa එංගලන්තයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් කොරෝනා වලට බිලි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

එංගලන්තයේ ජීවත්වෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් කොරෝනා වලට බිලි වෙයි

එංගලන්තයේ ජිවත් වන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් කොරෝනා රෝගය හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වනවා.

එරට පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ කොමසාරිස් සරෝජා සිරිසේන කියා සිටියේ මේ තත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන් 900 දෙනෙක් යළි මව්බිම බලා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින බවයි.


මෙම ශ්‍රී ලාංකිකයන් අතරට පශ්චාත් උපාධිය හදාරන සිසුන්, වෛද්‍යවේදී උපාධිය හදාරන සිසුන්, සංචාර කිරීමට සඳහා එංගලන්තය බලා පැමිණි ඇති පිරිස් සිටින බවයි වාර්තා වන්නේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහ කොමසාරිස්වරිය ප්‍රකාශ කර සිටියේ " මෙරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් හට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හඳුන්වා දුන් ‘Contact Sri Lanka’ නම් වෙබ් අඩවියට අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතු වනවා. එතකොට තමයි අපිට ඔවුන් ගැන හරියට තොරතුරු හොයන්න ගන්න පුළුවන්. අපි මේ වෙනකොටත් හෝටවල් වල රැඳී සිටින ශ්‍රී ලාංකික පිරිස්ගේ විසා සම්බන්ධ මුහුණ පා ඇති ගැටළු ගැනත් සොයා බලමින් ඉන්නේ. ඒ වගේම අපි එංගලන්තය තුළ සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් වෙත වියළි ආහාර ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරමින් ඉන්නේ".

කෙසේ වෙතත් එංගලන්තය තුළ ජිවත්වන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් ඇති බවයි එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් ද තහවුරු කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu