gossiplanka alexa කොරෝනා ආසාධිතයින් 420 දක්වා ඉහළට - වැඩිම ආසාධිත පිරිස කොළඹින් වාර්තා වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා ආසාධිතයින් 420 දක්වා ඉහළට - වැඩිම ආසාධිත පිරිස කොළඹින් වාර්තා වෙයි

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාධිතයින් ගණන අද (25) වන විට 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඊයේ (24) දිනයේ දී නව කොරෝනා ආසාධිතයින් 52ක් වාර්තා වූ අතර එය දිනක් තුල ශ්‍රී ලංකාවෙන් තහවුරු වුණු වැඩිම ආසාධිතයින් ගණන ලෙසයි වාර්තා වුණේ.


ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන් අතුරින් වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් 30 දෙනෙක්ද තවත් නාවික හමුදා සෙබළුන් පස්දෙනෙක් හට වෛරසය අසාධනය වී ඇති බවයි සඳහන් වුයේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම පිරිස රත්නපුර හිඳිල්ලකන්ද / පොල්ගහවෙල උඩපොළ / කුරුණෑගල කීනියාපොළ / ගිරාඳුරුකෝට්ටේ පහළ රත්කිඳ සහ දඹුල්ල අතබෝධිවැව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

ඊට අමතරව ඊයේ දිනයේ දී කොළඹ 12 බණ්ඩාරනායක මාවතේ නිරෝධායනයේ සිටි 11 දෙනෙක්හට වෛරසය අසාධන වී ඇති බව වාර්තා වුණා.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 304 කි.

මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ වැඩිම කොරෝනා රෝගීන් වාර්තා වූ දිස්ත්‍රික්කය ලෙස කොළඹින් වාර්තා වන අතර එම සංඛ්‍යාව 142ක් වන අතර ඒ අතුරින් 80 දෙනෙක් කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මිට අමතවර කළුතරින් 58 දෙනෙක් ද, පුත්තලමින් 35 දෙනෙක් ද, ගම්පහෙන් 33ක් ද, යාපනය දිස්ත්‍රික්කයෙන් 16 දෙනෙක්ද වාර්තා වනවා.

වෛද්‍යවරුන්ගේ දැඩි අධීක්ෂණය යටතේ රෝගීන් 183ක් සිටින අතර රෝගය සම්පුර්ණයෙන්ම සුව වූ සංඛ්‍යාව 109 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ දක්වා ශ්‍රී ලංකාවෙන් වෛරසය අසාධනය වී මියගිය සංඛ්‍යාව 07 ක් බවටයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu