gossiplanka alexa කොළඹ තවත් මාවතක් හුදකලා කිරීමට පියවර - කොළඹ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයෙකුටත් වෛරසය වැළඳී ඇති බව හෙළි වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ තවත් මාවතක් හුදකලා කිරීමට පියවර - කොළඹ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයෙකුටත් වෛරසය වැළඳී ඇති බව හෙළි වෙයි

නාරාහේන්පිට දාබරේ මාවත ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් බවට පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් අනිල් ජාංසිහ ප්‍රකාශ කළේ ඊයේ (27) දිනයේ සිදු කරනු ලැබූ PCR පරීක්ෂණ වලින් කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථාවකද දාබරේ මාවතෙන් කොරෝනා රෝගියෙක් වාර්තා වුණා.

මේ අතර ටොරින්ටන් 60 වත්ත ප්‍රදේශයෙන් කොරෝනා රෝගියෙක් හමු වී ඇති අතර ඔහු බණ්ඩාරනායක මාවතේ රැඳී සිට එම ප්‍රදේශයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මිට අමතරව කොළඹ නගර සභාවේ පවිත්‍රතා අංශයේ සේවකයෙක් හට කොරෝනා වැළඳී ඇති බව වාර්තා වන අතර ඔහු කොළඹ හැව්ලොක් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ලෙසයි මේ වන විට හඳුනාගෙන ඇත්තේ.

ඔහු කටයුතු කළ ලොරි රථයේ රියදුරු කොළඹ බණ්ඩාරනායක මාවතේ පදිංචිකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති අතර ඔහුගෙන් එම සේවකයා වෙත රෝගය වැළදෙන්නට ඇති බවයි සෞඛ්‍ය අංශ සැකපළ කරන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu