gossiplanka alexa ශ්‍රී ලංකාවේ පළමුවරට කොරෝනා වෛරසය වැළදුණු සුනඛයෙක් හමුවෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ පළමුවරට කොරෝනා වෛරසය වැළදුණු සුනඛයෙක් හමුවෙයි

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් 400 දෙනෙක්ගේ PCR පරීක්ෂණ අද (25) දිනයේ ලැබෙනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

ඔහු සඳහන් කළේ මෙම වාර්තා කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ අතර ජා-ඇළ සුදුවැල්ල ප්‍රදේශයේ සුනඛයෙකුටද කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙලෙස ශ්‍රී ලංකාවෙන් සත්වයෙක් හට කොරෝනා අසාධනය වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකෙන අතර මිට පෙර අමෙරිකාවෙන් සහ හොන්කොන් යන රටවලින් සත්වයන් වෙත වෛරසය අසාධනය වී ඇති බව වාර්තා වුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ විශ්ව විද්‍යාල සතුව තිබෙන PCR පරීක්ෂණ යන්ත්‍ර 4 අද දිනයේ දී සෞඛ්‍ය අංශ සේවා සඳහා ලබා ගැනීමට තීරණය කර ඇති බවයි.

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.

මේ වන විට මුල්ලේරියාවේ ඉදිකෙරන රෝහලේ පරීක්ෂණාගාරය ඉදිකිරීමෙන් අනතුරුව දිනකට PCR පරීක්ෂණ 1000ක් සිදු කිරීමට හැකියාව පවතින බව විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

කෙසේ වෙතත් වෛරසය සමාජගත වීම දිනෙන් දින ඉහළ ගියහොත් මෙම තත්වය වෙනස් වනු ඇති බවයි ඔහු සඳහන් කළේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu