gossiplanka alexa මාලනී ෆොන්සේකාගේ සොහොයුරා එංගලන්තයේ දී කොරෝනා වෛරසයෙන් මියයයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාලනී ෆොන්සේකාගේ සොහොයුරා එංගලන්තයේ දී කොරෝනා වෛරසයෙන් මියයයි

ප්‍රවීණ රංගන ශිල්පිණී මාලනී ෆොන්සේකා මහත්මියගේ සහෝදරයා වන උපාලි ෆොන්සේකා මහතා ඊයේ ලන්ඩන් නුවර රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොරෝනා ආසාධනය වීමෙන් ඔහු මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

දිගු කාලයක් එංගලන්තයේ ජීවත්වන ඒ මහතා වෘත්තියෙන් ඡායාරූප ශිල්පියෙක් බවයි සඳහන්.

ජනප්‍රිය නිළි සෙනාලි ෆොන්සේකාකාගේ ආදරණිය පියාද වනවා.

ඒ මහතාට කොරෝනා වෛරසය වැළඳී ඇති බව එරට රෝහල් වෙත දැනුම් දී තිබුනත් සතියක කාලයක් යන තෙක් ඔහුට රෝහලට ඇතුලත් කරගැනීමට හෝ රෝගය වැළඳුණු කාලය තුල කිසියම් ප්‍රතිකාරයක් සිදු කරගැනීමට එංගලන්ත සෞඛ්‍ය අංශ ක්‍රියාකර නොමැති බවයි වාර්තා වන්නේ.

පසුගිය දින දෙකක කාලය තුලදී උපාලි මහතාට රෝගය දරුණු ලෙස උත්සන්න වී තිබෙනවා.

ඒ හේතුවෙන් පවුලේ පිරිස් ඒ මහතාට ඊයේ (29) රාත්‍රී බෝධි පුජාවක් ද සිදු කර ඇති බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ .

කෙසේ වෙතත් ඒ මහතාගේ අවසන් හුස්ම හෙලන අවස්ථාව එරට රෝහල් කාර්ය මණ්ඩලය මඟින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පවුලේ ඥාතීන් වෙත දැක බලා ගැනීමට සලස්වා  තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu