gossiplanka alexa කොරෝනා වෛරසය සඳහටම ලෝකයෙන් තුරන් වන්නේ නැහැ - චීන පර්යේෂක කණ්ඩායමක්ගෙන් අලුත් හෙළිදරව්වක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසය සඳහටම ලෝකයෙන් තුරන් වන්නේ නැහැ - චීන පර්යේෂක කණ්ඩායමක්ගෙන් අලුත් හෙළිදරව්වක්

ව කොරෝනා වෛරසය ලෝකය තුලින් සඳහටම තුරන් නොවන බවට චීන පර්යේෂකයෝ කණ්ඩායමක් පෙන්වා දෙනවා.

එය ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මෙන් කාලයෙන් කාලයට පැතිර යාමේ වැඩි ඉඩක් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙම වෛද්‍ය කණ්ඩායම මේ බව ප්‍රකාශ කර ඇත්තේ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් එක්රැස් කළ දත්ත පාදක කරගනිමින්.

බිජිං අගනුවර පර්යේෂකයෝ පෙන්වා දෙන්නේ කලින් කලට මෙම වෛරසය මතු වීම හේතුවෙන් එන්නතක් හෝ ඖෂධයක් නිපදවා ගැනීම වැදගත් බවයි.

කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය සතුන්ගෙන් මිනිස්සුන්ට ආසාදනය වූ වෛරස් පවුලේ නව වෛරසයක් බව මේ වන විට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් වෛරසයේ ආරම්භය තවමත් අභිරහසක් වන බවයි වාර්තා වන්නේ.

මෙම කොරෝනා නම් වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වුයේ චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් වන අතර වෛරසයේ ආරම්භක ස්ථානය ලෙස සත්ව හා මත්ස්‍ය වෙළඳපොල හඳුනාගෙන තිබෙනවා.

වෛරසය ආරම්භ වූ එම වෙළඳපොලේ සිට වෛරසවේදය පිළිබඳ අධ්‍යනය ආයතයනය සැතපුම් 8ක් දුරින් පිහිටා ඇති අතර 2015 වර්ෂයේ දී මෙම ආයතනයට නව රසායනාගාරයක් එක් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu