gossiplanka alexa ප්‍රථම කොරෝනා ආසාදිත සුනඛයා ඇමරිකාවෙන් සොයා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ප්‍රථම කොරෝනා ආසාදිත සුනඛයා ඇමරිකාවෙන් සොයා ගැනේ

මෙරිකා එක්සත් ජනපදයේ, උතුරු කැරොලිනා ප්‍රාන්තයේ නිවසක සුරතලයට ඇති කළ පග් (කුඩා සුනඛ විශේෂයක්) වර්ගයේ සුනඛයෙකු එරට තුළ ප්‍රථම වරට සුනඛයෙකු ආශ්‍රිතව කොවිඩ්-19 වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර තිබෙ.

වින්ස්ටන් නමැති මෙම සුනඛයා ජීවත් වූ නිවසේ සාමාජිකයන් තිදෙනෙකු පසුගිය මාසයේදී කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පෙන්නුම් කර අතර, සිඩ්නි මැක්ලීන් නමැති ඔවුන්ගේ දියණියට පමණක් වෛරසය ආසාදනය වී නොතිබුණි.

ඩියුක් විශ්ව විද්‍යාලයේ අධ්‍යයනයකට අනුව ඔවුන්ගේ සුනඛයාද පරීක්ෂාවට බඳුන් කිරීමේදී වින්ස්ටන් වෛරසය සඳහා ධනාත්මක බව තහවුරු කර ඇත.

"මේ සත්ත්වයාගේ (වින්ස්ටන්ගේ) වෛරස ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පැවතුණා. ඉන් ඇඟවෙන්නේ මේ සත්වයා නිසා වෙනත් සතුන්ට හෝ මේ නිවෙස්වල සිටින මිනිසුන්ට වෛරස් සම්ප්‍රේෂණය කිරීමේ යාන්ත්‍රණයක් හෝ හැකියාවක් නොවන බවයි" අධ්‍යයනයේ විමර්ෂකයෙකු වූ ක්‍රිස් වුඩ්ස් පැවසීය.

එමෙන්ම සුරතල් සතුන්ට කොරෝනා වෛරසය මිනිසුන්ගෙන් සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පැවතියද, එය මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේදී සුරතල් සතුන් දායක වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව විද්‍යාඥයෝ තවම අවධාරණය කරති.

ලෝකයේ මේ දක්වා කොවිඩ්-19 ධනාත්මක බව පරීක්ෂා කර ඇති අනෙකුත් සතුන් වන්නේ,

ඇමෙරිකාවේ නිව්යෝක් හි බළලුන් දෙදෙනෙක්,

බ්‍රොනොක්ස් ස්තවෝද්‍යානයේ සිංහයන් සහ කොටින් අට දෙනෙක්,

හොංකොං හි නිරෝධායනය යටතේ සුනඛයන් දෙදෙනෙකි.

උපුටා ගැනීම අද වෙබ් අඩවිය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu