gossiplanka alexa මාසයක් වයසැති බිළිදෙකුටත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරයි - වෛද්‍යවරුන් කඩිනම් පරීක්ෂණ අරඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මාසයක් වයසැති බිළිදෙකුටත් කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කරයි - වෛද්‍යවරුන් කඩිනම් පරීක්ෂණ අරඹයි

මැදවච්චිය ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ මාසයක් වයසැති බිළිදෙකුට කොරෝනා රෝග ලක්ෂණ පහළ වීම හේතුවෙන් වවුනියාව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

වෛද්‍යවරුන් බිළිඳා පරික්ෂා කිරීමෙන් අනතුරුව එම රෝහලේ වසංගත රෝග පිළිබඳව වූ විශේෂ ඒකකයට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ වන විට වෛද්‍යවරුන් බිළිඳාට නියත වශයෙන්ම කොරෝනා ආසාධනය වී ඇත්ද පිළිබඳව පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර තිබෙනවා.

මේ අතර කොරෝනා ආසාධනය වී ඇති බවට සැකකරන පුද්ගලයින් සිටින වවුනියාවේ නිවාස 83 ක් ඊයේ (28) වනදා සිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය නිලධාරීන් පවසන්නේ මහකච්චකොඩිය ගම්මානයේ හුදකලා කර ඇති නිවෙස් වලට අමතරව මෙම නිවාස හඳුනාගෙන ඇති බවයි.

මෙම පිරිස කොරෝනා ආසාධිත පුද්ගලයින් ඇසුරු කිරීම සහ ආසාධිත රෝගීන් සිටින ස්ථානවල සැරිසැරීම හේතුවෙන් ඔවුන්ගේ නිවෙස් තුළ නිරෝධායන කිරීමට සෞඛ්‍ය නිලධාරීන් තීරණය කර ඇත්තේ.

කෙසේ වෙතත් වවුනියාවෙන් මේ වන තෙක් කොරෝනා රෝගීන් දෙදෙනෙක් පමණක් වාර්තා වනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu