Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

gossip property
ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් කළ ඉල්ලීමකට අනුව අධිකරණ කටයුතු සීමා කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන තිබෙනවා. නීතිඥ සංගමය මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ කොරෝනා වයිරසය පාලනය කිරීමේ අරමුණින්.

මෙම තීරණයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයා ශ්‍රී ලංකා නීතිඥ සංගමයට දැනුම් දී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සතිය තුල දින ලබාදී ඇති  කැදවීම් නඩු වෙනත් දිනකදී කැදවීමට තීරණය කර ඇති බවයි . එසේම මහ අධිකරණ,  දිස්ත්‍රික්ක අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණවල ද මේ සතිය තුළ සිදුවන නඩු කටයුතු වලට සීමා පනවා තිබෙනවා.

ඇප ලබාදීම සහ බන්ධනාගාර ගත කිරීමේ දිනයන් දීර්ඝ කිරීමේ කටයුතු වලදී රැඳවියන් බන්ධනාගාරයේ සිට ස්ක්ය්පෙ වැනි වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.





Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page