gossiplanka alexa ‍රැකියා ස්ථානයේ දී කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නම් මේ කරුණු පිළිපඳින්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

‍රැකියා ස්ථානයේ දී කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නම් මේ කරුණු පිළිපඳින්න

gossip lanka advice
වසේ බොහෝ වේලාවක් රැකියා ස්ථානවල රැඳී සිටින අප රැකියා ස්ථානවලදී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා විය යුත්තේ කෙසේද යන්න ගැන වැඩි සැලකිල්ලක් දැක්විය යුතු වේ.

ඔබගේ රැකියා ස්ථානය කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව තබා ගැනීමට පහත පියවර අනුගමනය කළ යුතුය.

1. යම් කෙනෙක් උණ සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග ලක්ෂණ සුළුවෙන් හෝ පෙන්වන්නේ නම් ඔහුට රෝග තත්ත්වය සම්පූර්ණයෙන් සුව වෙන තෙක් රැකියාවට නොපැමිණ සිටීමට උපදෙස් දෙන්න. හැකිනම් නිවසේ සිට වැඩ කිරීමට පහසුකම් ලබා දෙන්න.

2. නිතර ස්පර්ශ වන පෘෂ්ඨ හා ආම්පන්න වල වෛරසය රැඳී තිබිය හැකි බැවින් දොර හැඩල, දුරකථන රිසීවර, මේස මතුපිට, තරප්පුපෙල අත්වැට ආදී දේ විසබීජ නාශක දියර යොදා නිතර පිරිසිදු කිරීමට සලස්වන්න.

3. හැකි සෑම අවස්ථාවකම සබන් යොදා හොඳින් අත් සෝදා ගන්න. අනවශ්‍ය ලෙස මුහුණ, කට, නාසය, ඇස් ස්පර්ශ කිරීමෙන් වලකින්න. ඡොවිඩ්-19 වෛරසය බහුලවම පැතිරයන්නේ ස්පර්ශය මගිනි. තමන් හා සේවය කරන අන් අයටද මෙය නිතර සිහි කැඳවන්න.

4. අනවශ්‍ය ලෙස සෙනග එක් රැස් කිරීම් හැකිතාක් අවම කරන්න. කල් දැමිය හැකි රැස්වීම් කල් දමන අතර විඩෙඔ චොන්ෆෙරෙන්චින්ග් / ග්‍රොඋප් චල්ලින්ග් වැනි නූතන සන්නිවේදන ක්‍රමවේදයන් වෙත හැකිතාක් යොමුවන්න.

ඔබට සේවා ස්ථානයේදී කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවස්ථාව අවම කරනවා මෙන්ම ඔබ පවුලේ ආදරණීයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට ද හේතු වනු ඇත.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu