gossiplanka alexa කොරෝනා මැඬලීමට සමාජයේ සිටින පුද්ගලයින්ගේ නියැදි පරීක්ෂාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා මැඬලීමට සමාජයේ සිටින පුද්ගලයින්ගේ නියැදි පරීක්ෂාවක්

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය තමයි වෛරස් ආසාදනය වූ පුද්ගලයින් වෙන් කර තැබීම.

එසේ වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සොයා ගැනීම සඳහා වසංගත රෝග විද්‍යා අංශයේ උපදෙස් මත ඉදිරියේ දී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වීමට නියමිතයි.
 
එම වැඩපිළිවෙලට අනුව සමාජයේ සිටින පුද්ගලයින්ගෙන් ලබා ගන්නා නියැදි පරීක්ෂා කිරීමක් සිදුවනු ඇති. එමඟින් වෛරසය රට තුළ ව්‍යාප්ත වී ඇති දැයි පරීක්ෂණ සිදු කරන බවයි වාර්තා වන්නේ. 

මේ වන විට මෙසේ නියැදි පරීක්ෂාවන් සිදු කරනු ලබන්නේ නිරෝධායනයට ලක් වන පුද්ගලයින්ගේ පමණක් වන අතර සමාජය තුළ මෙම වෛරසය පැතිර ඇත්දැයි නිසියාකාරව සොයා ගැනීමට නම් සමාජයේ සිටින පුද්ගලයින්ගෙන් ලබා ගන්නා නියැදි පරීක්ෂා කළ යුතු බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටින්නේ. 

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ රෝගීන් සමඟ සම්බන්ධතා පැවැත් වූ පුද්ගලයින් 2210ක් පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන් සියළු දෙනා වෙන් කර තැබීමට පියවර ගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu