කලහකාරී පුද්ගලයින් පාලනය කල හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

gossip news
හමුදා නිලධාරියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව වාර්තා වනවා. එම නිලධාරියා පසුගියදා කටුනායක ගුවන්තොටුපළේදි විදේශ රටක සිට පැමිණි පිරිසක් ස්වයං නිරෝධායනයට විරුද්ධ බව හුවා දක්වමින් කළහකාරි ලෙස හැසුරුණු අවස්ථාවේදි එය පාලනය කිරිමට සෘජුවම දායක වු හමුදා නිලධාරියෙක් බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. 

එම හමුදා නිලධාරියා පැවති තත්ත්වය පාලනය කිරීමට සෘජුවම ඔවුන් සමඟ සිටි නිසා මෙම රෝගී තත්ත්වය ආසාදනය වී ඇති බව සැක කරනවා. 

මෙවැනි තත්ත්වයක් හුවා දක්වමින් හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදුන් පුද්ගලයන් එම උපදෙස් පිළිපැදීමට ස්වයං විනයක් පවත්වාගත යුතු බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu