gossiplanka alexa සිඝ්‍රයෙන් ලොව ගිලගන්නා වෛරසය නිසා ලොවම කැලඹෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සිඝ්‍රයෙන් ලොව ගිලගන්නා වෛරසය නිසා ලොවම කැලඹෙයි

corona-world-gossip
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය සඳහා වන එන්නතක් නිපදවීමේ කටයුතු, මේ වනවිට සාර්ථකව අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  නව කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත පළමු වරට මිනිසුන් සඳහා අත්හදා බැලීම ලබන මාසයේදී සිදුකරන බව ලන්ඩන් විශ්ව විද්‍යාලය සහ අමෙරිකාවේ ඖෂධ සමාගමක් නිවේදනය කර සිටිනවා. 

ලන්ඩනයේ පිහිටි ඉම්පීරියල් විශ්ව විද්‍යාලය නව කොරෝනා වෛරසය සඳහා නිපදවනු ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත සතුන් යොදා ගනිමින් පරීක්ෂණ සිදුකිරිම ඉකුත් පෙබරවාරි මාසයේදී ආරම්භ කරනු ලැබුවා. බ්‍රිතාන්‍යයේ 'ඩේලිමේල්' වෙබ් අඩවිය වාර්තා කරන අන්දමට මෙම එන්නත සංවර්ධනය කර ඇතත්, එය ආරක්ෂිතව මුදාහැරීමට මාස 18ක කාලයක් ගත වනු ඇති බවයි පර්යේෂකයින් පවසන්නේ. නව කොරෝනා වෛරසය හේතුවෙන් මේ වන විට ලොව පුරා මියගිය පිරිස 3162ක් වන අතර 80, 000කට වැඩි පිරිසකට වෛරසය ආසාදනය වී තිබෙනවා. 

චීනයට පසුව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වන රට බවට ඉතාලිය පත්ව තිබෙනවා. එරටින් වාර්තා වන ආසාධිතයින් ගණන 3,089 ක් සහ දැනට මරණ  107  ක් වාර්තා වනවා. සීඝ්‍රයෙන් පැතිර යන වෛරසය හේතුවෙන් ඉතාලියේ සියලූ පාසල් අද (05) සිට ඉදිරි දින 10 ක කාලය තුළ වසා දැමීමට තීරණය කර තිබෙනවා. කෝවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපා රට වන්නේ ද ඉතාලියයි.

එසේම මෙම වෛරසය හේතුවෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ද තාවකාලිකව වසා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභිකයින්ගේ අවධානය යොමුව තිබෙනවා. මේවනවිට අවධානය යොමුව ඇත්තේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව තාවකාලිකව වසා දමා නියමිත සභාවාර සහ විවාද ස්කයිප් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමටයි. නව කොරෝනා වෛරසය වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට ආසාදනයවීමේ වැඩි ප‍්‍රවණතාවක් මේවනවිට පවතින බැවින් පාර්ලිමේන්තුවේ සිටින වයස අවුරුදු 60 ට වැඩි සභිකයින් සිය පදිංචි ස්ථානවල සිට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව දක්වා පැමිණීමේදී ඔවුන් වෛරසයට ගොදුරුවීමේ අවදානමක් පවතින බවයි බි‍්‍රතාන්‍ය බලධාරීන් පවසන්නේ. 

රට තුළ සීග‍්‍රයෙන් පැතිරයමින් ඇති නව කොරෝනා වෛසරය හේතුවෙන් ඉරාන පාර්ලිමේන්තුවත් මේවනවිට වසා දමා තිබෙනවා. මේවනවිටත් එරට පාර්ලිමේන්තු සභිකයින් කිහිපදෙනෙකුම කොරෝනා ආසාදිත ලැයිස්තුවේ සිටිනවා. එමෙන්ම නව කොරෝනා වෛරසය හමුවේ ඊශ‍්‍රායලය රටවල් 05 ක් වෙනුවෙන් නව සංචාරක තහනමක් පනවා තිබෙනවා. ඒ ප‍්‍රංශය, ජර්මනිය, ස්පාඤඤ්ය, ඔස්ටි‍්‍රයාව සහ ස්විට්සර්ලන්තයයි යන රටවල් සඳහායි. 

මේ අතර අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පළමු නව කොරෝනා මරණය ද ඊයේ (04) වාර්තා වුණා. වෛරසය පැතිර යාමේ අවධානමක් ඇති බැවින් ලොස් ඇන්ජලිස් නුවරට සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. කොරෝනා වෛරසය ආසාදනය වී මේ වන විට ඇමරිකාව තුළ මිය ගිය ගණන 11ක්. එමෙන්ම ලාස් වේගාස් ඇතුළු ප්‍රාන්ත කිහිපයක සුපිරි වෙළඳසල් බොහොමයක් මේ වන විට හිස්ව තිබෙන බවද වාර්තා වනවා. 

මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 8.3 ක මුදලක් මුදාහැරීම වෙනුවෙන් වූ යෝජනාවක් අමෙරිකානු නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලය විසින් ඉදිරිපත් කර තිබෙනවා. එය සෙනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමුකිරීමට නියමිතයි. 





.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu