gossip lanka
මතිවරයකු සිටිය කාලයේ බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාම සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මහතාට විරුද්ධව දැමූ නඩුව පිළිබඳව යළිත් පැමිණිල්ලක් දැමීමට එම දැරියගේ පියා කටයුතු කර තිබෙනවා. ඔහු එම පැමිණිල්ලෙන් කියා සිටින්නේ අදාළ නඩුවේ තීන්දුවට දැඩි ලෙස දේශපාලන බලපෑමක් එල්ල වූ බවයි. ඔහු මෙම පැමිණිල්ල සිදු කර ඇත්තේ ජනාධිපති පරීක්ෂණ විශේෂ කොමිෂන් සභාව හමුවේදියි. 

අදළ නඩුවේ විනිසුරු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතා විසින් තමන්ට තැති ගන්වන ආකාරයෙන් දේශපාලන තර්ජන කළ බවත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ විභාග වූ නඩුව පසුව ගිහාන් පිලපිටිය ඉදිරියේ විභාග කල බවත් ඔහු පැමිණිල්ලේ දී කියා සිටියා. එහි දී නඩුව ඉවත දමන තත්ත්වයට පත් වූ බවයි දැරියගේපියා වැඩි දුරටත් කියා සිටින්නේ. 

එදා රාජිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අද ගිහාන් පිලිපිටිය වෙනුවෙන් පෙනී සිටින බවද දැරියගේ පියා කියා සිටිනවා.