gossiplanka alexa සත්‍ය වසන් කළ රෝගියා නිසා කොළඹ ජාතික රෝහලත් අනතුරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සත්‍ය වසන් කළ රෝගියා නිසා කොළඹ ජාතික රෝහලත් අනතුරේ

කොළඹ සේදවත්ත ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතිකයෙකු කොළඹ ජතික රෝහලේ සාමාන්‍ය වාට්‍ටුවක ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහුට නව කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට සොයා ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයාට කොරෝනා වෛරසයට අදාළ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ඔහුගෙන් දිගටම රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රශ්න කර ඇත්තේ ඔහු විදෙස් ගතව සිටපැමිණ ඇති දැයි කියායි.

නමුත් ඔහු සෑම විටම පවසා ඇත්තේ ඔහු හෝ ඔහුගේ කිසිවෙකුත් විදෙස්ගතව සිට පැමිණ නැති බවයි. 

සැකය උත්සන්න වීමත් සමඟම රෝහල් කාර්ය මණ්ඩලය ඔහුගෙන් නැවතත් ප්‍රශ්න කර තිබෙනවා. එහිදී ඔහු පවසා ඇත්තේ ක‍ටුනායක ගුවන්තො‍ටුපළ වසා දැමීමට පෙර දිනයේ දී ඔහුගේ පුතා අමෙරිකාවේ සිට පැමිණ ඇති බවයි.

ඒ අනුව ඔහුගේ සෙම සාම්පල පරීක්ෂා කිරීමේ දී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව හඳුනාගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් ඔහුගෙන් රෝහල් කාර්ය මණ්ඩලය ප්‍රශ්න කිරීමේ දී ඉතා කෝපයෙන් හැසිරී ඇති අතර රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන්ට පහර දීමට ද තැත් කර තිබෙනවා.

මොහු සාමාන්‍ය වාට්‍ටුවේ ප්‍රතිකාර ලබන අවස්ථාවේ දී ඔහුගේ පුතා ද ඔහුව බැලීමට පැමිණ තිබෙනවා.

තොරතුරු වසන් කර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මෙම පුද්ගලයා නිසා එම රෝහලේ කාර්ය මණ්ඩලය  හා රෝගීන් ද අවදානමට ලක්ව තිබෙනවා.

මේ වන විට එම රෝගියාට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් සහ රෝගියාට සමීපව කටයුතු කළ රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයන් දින 14ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට ලක් කර තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu