මාර්තු මස 10 වෙනිදා සිට මාර්තු 30 වෙනිදා තෙක් චීනය දක්වා සිදු කරන ගුවන් ගමන් නතර කිරිමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. ඒ ඇති වි තිබෙනව කොරෝනා වයිරස් තත්ත්වය හේතුවෙන්. 

එසේම සෞදි අරාබි සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් පනවා තිබෙන නියෝගයක් මත මාර්තු මස 15 වෙනිදා සිට අප්‍රේල් 30 වෙනිදා දක්වා කාල සීමාව තුල ශ්‍රී ලංකාවේ සිට සෞදි අරාබියේ ජෙඩා දක්වා වන ගුවන් ගමන් නතර කිරිමට ද තීරණය කර තිබෙනවා. කොරෝනා වයිරසය පැතිරයාම හේතුවෙන්  කිසිදු විදෙශිකයෙක්ට සෞදි අරාබියට ඇතුල්වීම තහනම් කර තිබෙනවා. 

කෙසේ වෙතත්  ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනය කර සිටින්නේ සෞදි අරාබියේ රියාද් සහ දමාම් දක්වා වන ගුවන් ගමන් සේවාවන් දිගටම ක්‍රියාත්මක කරන බවයි.