gossiplanka alexa රවි කරුණානායක අත් අඩංගුවටගැනීමට නීතිපතිගෙන් පොලීසියට නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රවි කරුණානායක අත් අඩංගුවටගැනීමට නීතිපතිගෙන් පොලීසියට නියෝග

2016 වර්ෂයේ සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු ඇමති ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු නලධාරීන් ‍රැසක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය වරෙන්තු අධිකරණයෙන් ලබා ගන්නා ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. එම නිලධාරීන්ට අර්ජුන මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ජෝශප් ඇලෝසියස් , රංජන් හුලුගල්ල, මුතුරාජා සුරේන්ද්‍රන්, ගාර්දියේ පුංචිහේවා, බුද්ධික සරත්චන්ද්‍ර, එස්. පදුමනාපන් සහ ඉංදික සමන් කුමාර යන අය ඇතුළත්. 

නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත  වැඩි දුරටත් උපදෙස් ලබා දී ඇත්තේ මෙම සැකකරුවන්ට එරෙහිව 2016 මාර්තු මාසයේදී 29 වෙනි දින  සිදුවූ බැඳුම්කර වෙන්දේසියේදී පොදු දේපලක් වූ රුපියල් බිලියන 36.98 ක මුහුණත වටිනාකමකින් යුත් භාණ්ඩාගාර බැදුම්කර සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට  වැඩිදුර විමර්ශන සිදු කරන ලෙසයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීවරිය පවසා ඇත්තේ මෙම බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් කුමන්ත්‍රණය, වංචා කිරීම, වෙළෙඳපොල හැසිරවීම ආදී චෝදනා යටතේ කටයුතු කිරීමට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu