gossiplanka alexa හිටපු හමුදාපතිගෙන් ජනාධිපති කොමිසම හමුවේ මෙතෙක් හෙළි නොකල කරුණු ‍රැසක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හිටපු හමුදාපතිගෙන් ජනාධිපති කොමිසම හමුවේ මෙතෙක් හෙළි නොකල කරුණු ‍රැසක්

gossip of karannagoda evidence
දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදිමට හිටපු නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා පැමිණ තිබුණා. ඔහු එම කොමිසම හමුවේ පවසා ඇත්තේ පසුගිය රජය විසින් ජිනීවාහිදී එකඟ වූ කරුණුවලට අනුව ජාත්‍යන්තරයට පෙන්වීම සඳහා ජ්‍යෙෂ්ඨ ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බව යි. එතුමා මෙසේ කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ දෙවන වරටයි. හිටපු නාවික හමුදාපතිවරයා මෙහිදී වැඩි දුරටත් පවසා ඇත්තේ ජිනීවා හිදී ශ්‍රී ලංකා රජය යම් ආකාරයකින් යුද අපරාධ සිදුකළ බවට එකඟවීම හේතුවෙන් කණිෂ්ඨ නිලධාරීන් නොව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ද පැවති බව යි. 

මංගල සමරවීර අමාත්‍යවරයාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම නිමිත්තෙන් පැවති උත්සවයට එක්සත් ජාතීන්ගේ ඇමරිකානු නියෝජිත සමන්තා පවර් මහත්මිය ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ බව  කරන්නාගොඩ මහතා පවසා සිටියා. එහ් දී ඇයට පෙන්වීම සඳහා තමා අත් අඩංගුවට ගැනීමේ උත්සාහයක් පැවති බව ඔහු කියා සිටියා. 

සාක්ෂිකරු කොමිසම හමුවේ විමසා සිටියේ ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයක අමාත්‍යවරයෙකුගේ උත්සවයක් සඳහා මෙවැනි ඉහළ නියෝජිතවරියක් පැමිණිය හැකිදැයි යන්නයි. ඔහු  තවත් කරුණු පෙන්වා දෙමින් පවසා සිටියේ 2017 වසරේදී  හිටපු නාවික හමුදා ප්‍රකාශක, කමාන්ඩර් ඩී.කේ.පී. දසනායක මහතා කිසිදු චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගත්තේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන් මහතා මෙරටට පැමිණි දිනට පසුදින  බවයි. එය බෙන් එමර්සන්ගේ විශේෂ ප්‍රශංසාවට ලක්වූ බවත් ඔහු මෙම කොමිසම හමුවේ පෙන්වා දුන්නා. හිටපු නාවික හමුදාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කිරීමේ උත්සාහයක් පැවති බවද ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබෙනවා. 

ත්මන් හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාට ඇමරිකාව පැනවූ වීසා තහනමද එවැනි සිද්ධිවල ප්‍රතිඵලයක් බව වසන්ත කරන්නාගොඩ මහතා පෙන්වා දෙනවා. 

තරුණයින් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධව නාවික හමුදාව වෙනුවෙන් පරීක්ෂණ සිදුකළ එවක කපිතාන් ගුරුගේ, කපිතාන් හංවැල්ල, කපිතාන් ජේ.ජේ. රණසිංහ, කොමදෝරු බණ්ඩාර සහ එවක අපරාධ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යන අය සාක්ෂිකරුවන් ලෙස කැඳවීමටද කොමිසම නියෝග කළා. එසේම තරුණයින් පැහැර ගැනීමේ නඩුවට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතු සියලු ලිපිගොනු හෙට දිනයේ කොමිසම හමුවට යොමුකරන ලෙසටද නොතිසී නිකුත් කෙරුණා.

මේ අතර,  දේශපාලන පලිගැනීම්වලට ලක්වූවන් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නමැත්තා ද  සාක්ෂි ලබාදුන්නා.

ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ, ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතාගේ අනුදැනුම මත එම ඝාතනය සිදුවූ බවට පිළිගන්න්නැයි බල කෙරුණු බවයි.

එම නඩුවේ රජයේ සාක්ෂිකරු වශයෙන් පෙනී සිටි පොලිස් කොස්තාපල් සම්පත් ප්‍රීතිවිරාජ් නමැත්තා ප්‍රථමයෙන් සම්පත් මුණසිංහ නමැත්තා මීට සම්බන්ධ බවට ප්‍රකාශ කළද, සම්පත් මුණසිංහ එම අවස්ථාවේ යාපනයේ සිටි බවට තහවුරු වීමෙන් අනතුරුව එම චෝදනාව තමාට එල්ල කළ බවද සාක්ෂිකරු පවසා සිටියා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu