gossiplanka alexa ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගණුදෙනුවෙන් මහා පරිමාණයෙන් මුදල් ලබාගත් තවත් අය ගැන හෙළිවේ ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගණුදෙනුවෙන් මහා පරිමාණයෙන් මුදල් ලබාගත් තවත් අය ගැන හෙළිවේ ?

latesr news sri lanka gossip
මුදල් විශූද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පැවරුණු නඩුවක පැමිණිල්ලේ සාක්ෂිකරුවෙක් වශයෙන් සිටින නිමල් පෙරේරා මහතාට අයත් සේබර් විෂන් හෝල්ඩින් සමාගමේ  ගිණුමට කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳගේ ගිණුමෙන් ඩොලර් ලක්ෂ 8 ක්,  බැර වී ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී හෙළි වී තිබෙනවා. 

ඒ අනුව,   ඔහුට අයත් මෙරට බැංකු ගිණුම් 4 ක විස්තර ලබා දෙනලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළ අතර නිමල් පෙරේරා මහතාට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති බවයි වාර්තා වන්නේ. තව ද  කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ප්‍රියංකා විජේනායක මහත්මියට අයත් ගිණුමෙන් මුදලක් ශ්‍රී ලංකා ඇඩ්වර්ඩ්ස් නමැති සාමාගමකට යුරෝ එක්ලක්ෂ 60,000ක මුදලක් එවා ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා කියා සිටියා. ස්ථිර ලිපිනයක් නොමැති එම සමාගමේ අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් සිටින අතර ඔවුන් සහෝදරය්න් බවයි අනාවරණය වන්නේ. 

ඒ අනුව බාල සහෝදරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගෙන තිබෙන අතර, අනෙක් සහෝදරයාට හෙට (21) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස කැඳවීමක් කර තිබෙනවා. මෙහ් දී කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසා ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධ විමර්ශන මන්දගාමී වීමට හේතුව කුමක් ද කියායි. යම් බලපෑමක් මත එසේ විමර්ශන මන්දගාමී වන්නේ දැයි විමසා සිටි මහේස්ත්‍රාත්වරයා එසේ බලපෑමක් ඇත්නම් ඒ පිළිබඳව අධිකරණයට දැනුම්දෙන ලෙස ද කියා සිටියා. 

එම අවස්ථාවේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේමේ  පිළිබඳව විමර්ශනය කරන ප්‍රධාන විමර්ශන නිලධාරීයා සති 2 ක් විදේශ ගතවීම නිසා විමර්ශන ප්‍රමාද වූ බව යි. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu