gossiplanka alexa සජිත්ගේ 'හදවත' ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී උපහාස, රනිල් මරා හිරේ යාමට හිතෙන බව ප්‍රබලයෙකු පවසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සජිත්ගේ 'හදවත' ට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී උපහාස, රනිල් මරා හිරේ යාමට හිතෙන බව ප්‍රබලයෙකු පවසයි

ජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායම විසින් මීළඟ මැතිවරණය තරග කිරීමට සූදානම් කර ඇති ‘සමගි ජාතික බලවේගය’ පක්ෂයේ ලකුණ ලෙස හදවත යොදා ගැනීම එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී සමච්චලයට ලක් විඇති බව වාර්තා වනවා. එය දේශපාලනපක්ෂයක පෞර්ෂත්වයට නොගැළපෙන ලකුණක් බවයි ඔවුහු පෙන්වා දෙන්නේ. එම සලකුණ ජනතාව අතර තහවුරු කිරීමට අපහසු බවද ඔවුන් කියා තිබෙනවා. 

මේ අතර  ‘හදවත’ කණ්ඩායම නියෝජනය කරන ප්‍රබලයකු ඊයේ දිනයේ අවසන් වරට පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවෙන් පසු සිය සමීපතමයෙකු සමඟින් අදහස් පල කරමින් පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මරා දමා හිරේ යෑමට හිතෙන බව යි. ජනාධිපතිවරණයෙන් පසු ගතවූ කාලසීමාවේදී මහ මැතිවරණය තෙක් රනිල් වික්‍රමසිංහ මහතා ඉතා සූක්ෂම ලෙස තම කණ්ඩායම වටේ යවා අවසානයේ බෙල්ලටම හිරකල බවද ඔහු පවසා තිබෙනව බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අලියා අතහැරීමට නොහැකි වීම නිසා නැවත වරක් රනිල් වික්‍රමසිංහ මහතා සහ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් ඉදිරියේ දණ නැමීමට සිදු වන බවද ඔහු පවසා තිබෙනවා. 

මේ අතර එක්සත් ජාතික පක්ෂ ‘හදවත’ පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානත්වයෙන් බිහි කරන නව සන්ධානය සමඟ එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රබලම නායකයන් ඇතුළු පිරිසක් කැමැත්ත පළ කර ඇති බව යි.  
ශ්‍රී ලංකා නිදහස් පක්‍Zඅ පිරිසේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇත්තේ අලියා ලකුණ වෙනුවට පොදු ලකුණක් ඉදිරිපත් කිරීම බවත් එක්සත් ජාතික පක්ෂයට සහ අලියා ලකුණට එකතු විය නොහැකි බොහෝ පිරිසක් පොදු ලකුණක් පොදු වර්ණයක් යටතට එක් කළ හැකි බවත් ඔහු පවසා සිටිනවා. 

විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා එසේ කියා තිබෙනවා. කෙසේ වෙතත් බිහිවන නව සන්ධානයේ ලේකම් ධුරය අනිවාර්යෙන්ම රංජිත් මද්දුම බණ්ඩාර මහතාට හිමි විය යුතු යයිද ඔහු පවසා තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu