gossiplanka alexa පාස්කු ප්‍රහාරයේ මෙතක් හෙළි නොවූ සුල මුල එළියට, පූජිත - හේමසිරි සියල්ල හෙළි කරයි ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරයේ මෙතක් හෙළි නොවූ සුල මුල එළියට, පූජිත - හේමසිරි සියල්ල හෙළි කරයි ?

සුගිය වර්ෂයේ අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙමින් තිබෙන නමුත් එයට වග කිවයුතු බලධාරීන් කවුද යන්න විසඳුමක් නොමැති ගැටළුවක් බවට පත් වී තිබෙනවා. එහෙත් නවතම තොරතුරු අනාවරණය කරන්නේ තුන්සියයකට ආසන්න පිරිසකට මරු කැඳවූ මෙම පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් හෙළිදරව් නොවූ ආන්දෝලනාත්මක තොරතුරු ලිඛිත සාක්ෂි සමඟින් අධිකරණයට සහ ජනාධිපති කොමිසමට ඉදිරිපත් කිරීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා තීන්දුකර ඇති බවයි. 

පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් ලෙස සලකා හිටපු පොලිස්පති හා ආරක්ෂක ලේකම් පසුගිය මාස 4ක පමණ කාලයක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකරනු ලැබ සිට නොබෝද ඈප මත මුදා හරිනු ලැබුවා. මෙසේ සාක්ෂි ලබා දීමට ඔවුන් කටයුතු කරන්නේ මෙම ප්‍රහාරය සම්බන්ධ මෙතෙක් පළවූ බොහෝ අසත්‍ය තොරතුරු නිවැරදි කිරීමටත් මේ සඳහා ඍජුව වගකිවයුත්තේ කවුද යන්න තහවුරු කිරීම පිණිසත් බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ අනුව ප්‍රථමයෙන්ම ඔවුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කරුණු විමසන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙනු ඇති. තවත් දෙසතියක් තුළ හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ හිටපු පොලිස්පතිවරයා ඊට කැඳවීමට නියමිත බවයි වාර්තාවන්නේ. 

ඔවුනට එරෙහිව අධි චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව කැඳවීමට නියම වී ඇත්තේ ඉන් අනතුරුව යි.  නීති අංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ කලින් මෙම විත්තිකරුවන් දෙදෙනා තමන් ජනාධිපති කොමිසම හා අධිකරණය හමුවේ කරනු ලබන ප්‍රකාශ රහසිගතව සිදුකිරීමට කලින් සැලසුම්කර තිබුණද දැන් එම සාක්ෂි විවෘත උසාවියේදී ජනතාවගේද දැනගැනීම පිණිස ඉදිරිපත් කිරීමට තීන්දු කර ඇති බවයි. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu