gossiplanka alexa සුන්දර ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා, සියනෑවෙන් බිහි වූ වියත්මගේ වියතාණන්ගෙන් තවත් මෙහෙවරක් !

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සුන්දර ශ්‍රී ලංකාවක් බිහිකිරීම උදෙසා, සියනෑවෙන් බිහි වූ වියත්මගේ වියතාණන්ගෙන් තවත් මෙහෙවරක් !

ශ්‍රී ලංකාව ඉතාම සුන්දර රටක් ලෙසයි ලෝකය පුරාම සිටින මිනිසුන් හඳුන්වන්නේ. හරිත වර්ණයෙන් පිරි සෑම දෙනාටම හුස්ම ගැනීමට පිරිසිදු වාතය තිබෙන ඉතාමත් සෞම්‍ය රටක් ලෙසටයි ශ්‍රී ලංකාවපෙර සිටම දෙස් විදෙස් ජාතීන් අතර ප්‍රචලිත වෙලා තිබෙන්නේ.

නමුත් දැන් දැන් ලංකාවේ ජීවත්වන ජනතාවගේ ඇතැම් අදූරදර්ශී, අක්‍රමවත් ක්‍රියාවන් නිසා අපේ මේ සුන්දර දිවයිනේ සුන්දරත්වය, පිරිසිදු බව දිනෙන් දිනම පරිහානියට පත් වෙමින් පවතිනවා.

මිනිසුන්ගේ ආකල්පමය දියුණුවක් ඇති විය යුතු මෙවන් යුගයක එයට පුරෝගාමීව කටයුතු කිරීමට අතිගරු ජනාධිපතිතුමන් ක්‍රියාකරනවා.

ජනාධිපතිතුමන්ගේ ඒ විශිෂ්ඨ සේවාවන්ට උරදෙමින් සියනෑ කතිකාව නිර්මාතෘ ආචාර්ය නාලක ගොඩහේවා මහතා පරිසරය සංරක්ෂණය වෙනුවෙන් නොයෙක් ව්‍යාපෘති දියත් කිරීමට මැදිහත් වී තිබෙනවා. 

පෑලියගොඩ දුටුගැමුණු මාවතේ දර මඩුව වත්ත ප්‍රදේශයේ අවුරුදු 05කින් පමණ පිරිසිදු නොකරපු කුණු පිරි ඇති ඇළ මාර්ගය පිරිසිදු කර ඒ අවට ප්‍රදේශවාසීන්ට යහපත් පරිසරයක් ගොඩ නැඟීම මෙම ව්‍යාපෘතීන් අතර එක් ව්‍යාපෘතියක්. මැතිවරණ කාලයට පමණක් පිරිසිදුවන මේ ඇළ මාර්ගය නැවත නැවත අපිරිසිදු වන බවයි එහි ජනතාව පවසන්නේ. ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ මැතිවරණ කාලයට පමණක් නොව සැමදාම මෙම ප්‍රදේශය පිරිසිදුව පවත්වා ගෙන යාමේ ක්‍රමවේදයක් සකස් කිරීමට තමන් පියවර ගන්නා බවයි. 

ප්‍රදේශ වාසීන්ට බරපතල සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දීමට සිදුව තිබෙන මෙම අපිරිසිදු ඇළ මාර්ගය දින කිහිපයක් ඇතුළත පිරිසිදු කර එයට නිසි විසඳුමක් ලබා දෙන බව එම ප්‍රදේශයේ සංචාරයක නිරතවුණු ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියා. 





















ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu