gossiplanka alexa ජපානයේ ‍රැකියාවකට යන්න මේ සුදුසුකම් සපුරා ගන්න, ලංකාවට ‍රැකියා දෙන්න ජපානය සූදානම්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජපානයේ ‍රැකියාවකට යන්න මේ සුදුසුකම් සපුරා ගන්න, ලංකාවට ‍රැකියා දෙන්න ජපානය සූදානම්

gossip news for japan job
රමුණු කිහිපයක් මුල් කරගන්මින් නිපුණතා සංවර්ධන, රැකි රක්ෂා හා කම්කරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වයේ නිළධාරීන් පසුගියදා ජපානයේ නිල සංචාරයක  නිරත වුණා.

  • විශේෂ කුසලතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා (SSW) ජපන් රජය මගින් පවත්වනු ලබන විභාගය ශ්‍රි ලංකාවේදීත් පැවැත්වීමට පියවර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම
  • දැනට ක්‍රියාත්මක තාක්ෂණික සේවාස්ථ පුහුණු ලාභීන් පිළිබඳ සමාලෝචන රැස්වීම හා පුහුණු ලාභීන් ගෙන්වා ගැනීම වැඩිකර ගැනීම සඳහා එරට ගෙන්වා ගනු ලබන ආයතන සමග සාකච්ඡා කිරීම 
මෙහි ප්‍රධාන අරමුණු වනවා. මෙම සංචාරය මගින් ශ්‍රි ලංකාවේ විදේශ රැකියා ක්ෂේත්‍රයට අනගි අවස්ථාවන් රැසක් ලබා ගැනීමට හැකියාව හිමි වුණා. ඉදිකිරීම්, කෘෂිකාර්මික, ආහාර සැපයුම්, හෝටල් ආදි ක්ෂේත්‍ර14න් ක්ෂේත්‍ර 6 කට අදාළ අමාත්‍යාංශවල නිළධාරීන් සමග මෙම සංචාරය අතරතුරදී විශේෂයෙන් සාකච්ඡා පැවැත්වුණා. එහිදී ජපානයේ විශේෂ කුසලතා සහිත රැකියා සඳහා ශ්‍රමිකයින් යොමු කිරීමට අදාළ නිපුණතා පරික්ෂණ වෙනුවෙන් ශ්‍රි ලංකාවේ ඇති සූදානම පිළිබඳව එම නිළධාරීන්ට ලාංකික නියෝජිත පිරිස විශේෂයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදු වුණා. ඒ අනුව ජපාන රජයේ නියෝජිතයින් මෙහිදී ප්‍රකාශ කර තිබෙන්නේ.  මෙම වසරේ සැප්තැම්බර්, ඔක්තෝම්බර් හා නොවැම්බර් යන මාසයන්හීදී ශ්‍රි ලංකාව තුළ එම විභාගය පැවැත්වීමට අවශ්‍ය පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මෙහි දී අවධානය යොමු වූ තවත් එක් අකෘණක් වූයේ ජපානයේ සාත්තු සේවා රැකියා සඳහා වැඩි වශයෙන් ශ්‍රි ලාංකික තරුණ තරුණියන් යොමු කිරීම යි. ජපන් රජය මේ සම්බන්ධයෙන් කියා ස්ටියේ එම ක්ෂේත්‍රයේ රැකියා සඳහා ජාතික වෘත්තිය නිපුණතා සාත්තු සේවක පුහුණුව යෝග්‍ය බවත් ඣ්ළ්ඵ්ඨ් විභාගයේ N4 මට්ටම සමත්වීම අවශ්‍ය බවත් ය. එසේම ජපානයේ සෑම ක්ෂේත්‍රයකම රැකියා අවස්ථා සඳහා ජපන් භාෂා ඣ්ළ්ඵ්ඨ් විභාගයේ N4 මට්ටම පිළිගන්නා බවද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

තවද ජපන් නියෝජිතයින් ප්‍රකාශ කර ඇත්තේ ජපානයේ රැකියා සඳහා ලංකාවේ වෘත්තිය පුහුණුව ලබාගැනීම මගින් වැඩි වාසි අත්කර ගත හැකි බවත්, එම රැකියා සඳහා ජපන් භාෂාවට එක් විභාගයක්ද වෘත්තිය සුදුසුකම් පරික්ෂා කිරීමට තවත් විභාගයක්ද වශයෙන් විභාග 2ක් සඳහා අපේක්ෂිතයින්ට මුහුණ දීමට සිදුවන බව ත් ය.  මෙහි දී ශ්‍රී ලංකා නියෝජිතයින් විසින් වෘත්තිය පරික්ෂණය සඳහා අපේක්ෂිතයින්ට තම මව් භාෂාවෙන් ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදෙන මෙන් ඉල්ලා සිටියද ජපන් නියෝජිතයින් ප්‍රකාශ කළේ එම වෘත්තිය නිපුණතා පරික්ෂණය බෝහෝවිට ඉංග්‍රිසි භාෂාවෙන් පැවැත්වීමට ඉඩ ඇති බවයි. 

ඉදිරියේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් වෘත්තිය  පුහුණු කිරීමේ අධිකාරියත් (VTA) සහ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ අධිකාරිය (NAITA) එක්ව කාර්මික පුහුණු දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික විද්‍යාල හා වෘත්තිය පුහුණු ආයතනවල ජපානයේ රැකියා සඳහා අවශ්‍ය පුහුණු වැඩසටහන් පැවැත්වීමට පියවර ගන්නා බව හා කුසලතා පරික්ෂණ පැවැත්වීමට උචිත මධ්‍යස්ථාන ආරම්භ කරන බව කාර්යාංශයේ නියෝජිතයින් ප්‍රකාශ කළහ. 

ඉදිරියේදී, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය යටතේ ඇති විදේශ රැකියා නියෝජිතායතනය වන ශ්‍රි ලංකා විදේශ රැකියා නියෝජිත පුද්ගලික සමාගම හා ජපානයේ ඔසාකා හි ප්‍රධාන රැකියා නියෝජිතායතන සමග රැකියා ලබාගැනීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමටද මෙම සංචාරයේදී එකඟතාවක් ඇති වුණා. මෙම සංචාරය මගින් ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ රැකියා ලබාගැනීම සඳහා අවශ්‍ය මූලික පියවර තබන ලද අතර, විදේශ රැකියා ක්ෂේත්‍රයට ඉන් මහඟු අවස්ථාවක් උදා වී තිබෙනවා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu