Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Advertisement

YOUR EXISTING AD GOES HERE

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

තිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනධිපතිවරණ ජයග්‍රහණය උදෙසා රුකුලක් වූ ''වියත්මඟ'' හි ප්‍රධාන භාරදූර්ය කටයුත්තක් සිදු කල ආචාර්ය නාලක ගොඩහේවා මෙරටට සිටින මහඟු සම්පතක්. ජිනීවා අරගලයේ ඉදිරියෙන්ම සිටින වීරයෙක් වන ආචාර්ය නාලක ගොඩ හේවා මව්බිමට ආදරය කරන ආනාගත පරපුරට ආදර්ශයක් සපයන්නෙක්. 

රට නගා සි‍ටුවීමේ ජනාධිපතිවරයාගේ මහඟු ප්‍රයත්නය ඉදිරියේ ආචාර්ය නාලක ගොඩහේවාගෙන් ලැබෙන්නේ වටිනා සහායක්. ආචාර්ය නාලක ගොඩහේවා විසින් සිළුමිණ පුවත්පතෙහි දිරිපත් කළ විශේෂාංග ලිපියක් තමයි මේ. මව්බිමට හිතෛශී අය විසින් කියවිය යුතුම ලිපියක්.

''පසු­ගිය වසරේ නොවැ­ම්බර් මාස‍යේ ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තාගේ ජය­ග්‍ර­හ­ණ­යත් සමඟ අපේ රටේ ජන­තාව අතර බොහෝ බලා­පො­රොත්තු ඇති­වෙලා තියෙ­නවා. මිනිස්සු දකි­නවා; ජනා­ධි­ප­ති­ව­රයා දැනට ක්‍රියා­ත්මක වෙන ආකා­රය තුළ එතුමා විසින් දුන් පොරොන්දු ඒ ආකා­ර­යෙන් ම ඉටු කර­මින් එතුමා‍ගේ එම වැඩ පිළි­වෙළ ක්‍රියා­ත්මක කරාවි යැයි ජනතා අභිලාශය. ඒ බලා­පො­රොත්තු ඉටු කර­න්නට රජ­යට කොප­මණ කාල­යක් ගත වෙනවා ද කියන කාර­ණාව අපි දීර්ඝ වශ­යෙන් සාකච්ජා කළ යුතුයි. අපි අනා­ග­තය ගැන කතා කර­න්නට කලින් වර්ත­මාන තත්ත්ව­යට පාදක වෙච්ච පසු­බිම විම­ර්ශ­නය කර බල­න්නට ඕන. අතී­තය ගැන කතා කරන්නේ නැතිව වර්ත­මා­නය ගැන කතා කර­න්නට බැහැ.

අපි දන්නවා මේ රට 2015 දි ආර්ථික, දේශ­පා­ල­නික, සමා­ජිය සහ සංස්කෘ­තික වශ­යෙන් සෑහෙන ස්ථාව­ර­යක තිබුණා. මේ රට 2019 කාලයේ විශාල පිරි­හී­ම­කට ලක්වුණා. 2014 දි ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7%ට වඩා තිබුණා. ඉතුරු අවු­රුදු පහේදි 8% වර්ධන වේග­යක් තියා ගන්නට හැකියාව තිබුණා. ඒ වර්ධන වේගය දිගට ම පවත්වා ගත්තා නම් ලංකාවේ ඒක­පු­ද්ගල ආදා­යම ඩොලර් හය­දාහ ඉක්මවා තියෙ­න්නට ඕන.

නමුත් අද තියෙන්නේ ඩොලර් හාර­ද­හ­සයි; මේ වන­විට ලංකාවේ දළ ජාතික නිෂ්පා­ද­නය ඩොලර් බිලි­යන එක­සිය හත­ළි­ස්හත විය යුතුයි. නමුත් අපිට තාම තියෙන්නේ ඇම­රි­කානු ඩොලර් බිලි­යන අනූ­වයි. අපිට පේනවා; අපේ­ක්ෂිත තත්ත්ව­යට වඩා ආර්ථි­ක­මය වශ­යෙන් අපි හුඟක් පසු­ප­සින් ඉන්නේ කියලා. අපේ රුපි­යල අව­ප්‍ර­මා­ණය වෙලා, මුදල් සංස­ර­ණය නතර වෙලා; ව්‍යාපාර කඩා වැටිලා; බදු බර ඉහළ ගිහිල්ලා; රැකියා වියු­ක්තිය ඉහළ ගිහිල්ලා; දුප්පත් කම වැඩි වෙලා ප්‍රශ්න රාශි­යක් පසු­ගිය කාලයේ ඇති‍වුණා. එයට හේතුව ලෙස අපි හොයලා බැලු­වොත් මා දකින්නේ පසු­ගිය රජ­යට නිසි සංව­ර්ධන වැඩ­පි­ළි­වෙ­ලක් තිබුණේ නැහැ.

ඒ රජය සම්පූ­ර්ණ­යෙන් ම අව­ධා­නය යොමු කළේ බලය රඳවා ගැනී­මට පම­ණයි. බල­යට ආවාට පසුව ඔවුන් කළේ ප්‍රති­වා­දියා මර්ද­නය කිරීමේ උප­ක්‍රම පම­ණයි. චරිත ඝාත­නය කළා. බොරු හේතු සාධක සොය­මින් සිර­ගත කිරීම් කර දේශ­පා­ල­න­යෙන් ඉවත් කරන්නේ කෙසේද කියන කාර­ණාව තමයි මේ අය කළේ. අවු­රුදු පහක් තිස්සේ ඒ ගැන විත­රයි ඒ අය කතා කළේ. ඒ ගෙන ගිය මර්ද­න­කාරී වැඩ­පි­ළි­වෙල ගැන ක්‍රම­ක්‍ර­ම­යෙන් ජන­තාව අතර අප්‍ර­සා­ද­යට ලක්වුණා පම­ණක් ‍නොවෙයි; රට ආර්ථි­ක­මය සාමා­ජි­මය දේශ­පා­ල­නික වශ­යෙන් පිරි‍හුණා. රජය, රජය ලෙසින් කට­යුතු නොකොට හුදු දේශ­පා­ල­න­යට පම­ණක් සිමා වුණා. ප්‍රජාතන්ත්‍රවාදී රටකට දේශ­පා­ල­නය අව­ශ්‍යයි; ඕනෑ ම රටක දේශ­පා­ලන පක්ෂ තියෙ­නවා.

එහිදී එක් එක් පක්ෂ දේශ­පා­ල­නය කතා කර­නවා; රටේ ප්‍රති­පත්ති කතා ගැන කර­නවා. ඒ දේශ­පා­ලන ප්‍රති­පත්ති අතු­රින් එකක් අනු­මත කළාම ඒ පක්ෂය බල­යට එනවා. බල­යට ආවාට පසුව රජයේ වග­කීම වන්නේ ඒ ඉදි­රි­පත් කරන්නා වූ ප්‍රති­පත්ති මත රට පාල­නය කිරී­මයි. පසු­ගිය කාලයේ වුණේ රට අරා­ජික වීමයි. රටේ සම්පත් පිට­රැ­ටි­යන්ට විකු­නුණා. රටට විරුද්ධ ව ‍විදේශ යෝජනා එන විට දණ නමා පිළි­ගත්තා. අපි නිවට නියාලු දුර්වල ජාති­යක් බවට පත් වුණා. අපේ සමස්ත රටේම අභි­මා­නය නැති­වෙලා ගියා‍. ඒ වගේ වාතා­ව­ර­ණ­යක් තුළ හිටපු ආර­ක්ෂක ලේකම් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා ජනා­ධි­පති අපේක්ෂ­කයා වශ­යෙන් ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වුණේ.

ඒ ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වන විට අවු­රුදු හත­රක පමණ කාල­යක් මුළුල්ලේ විශේ‍ෂ­යෙන් වියත් මග වැනි සංවි­ධාන හරහා ගෝඨා‍භය රාජ­පක්ෂ මහතා පිළි­බඳ ව විශාල ජන­ප්‍ර­සා­ද­යක් රට තුළ ඇති­වෙලා තිබුණා. දහ­න­ව­වැනි ව්‍යවස්ථා සංශෝ­ධ‍න­යෙන් පසුව හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාට ජනා­ධි­පති මැති­ව­ර­ණ­යට ඉදි­රි­පත් වීමේ අව­ස්ථාව ලැබුණේ නැහැ. නාය­ක­ත්ව­යක් පිළි­බඳ ව හිඩැ­සක් ඇතිවෙලා. තිබුණා.

ජාතික නාය­ක­ත්ව­යට සුදුසු ම පුද්ග­ලයා ගෝඨා­භය රාජ­පක්ෂ කියන කාර­ණාව එව­කට ක්‍රම­ක්‍ර­ම­යෙන් වර්ධ­නය වෙලා විශාල බල­වේ­ග­යක් බවට 2019 වන­විට පත් වෙලා තිබුණා. එම වසර වන­විට එතු­මාට රට වෙනු­වෙන් ඉතා පැහැ­දිලි වැඩ පිළි­වෙ­ළක්, සැලැ­ස්මක් තිබුණා. එතුමා සහ හිටපු රජය අතර තිබුණ වෙනස එයයි. හිටපු රජය අයාලේ යන කාලය අතර තුර ‍ගෝඨාභය රාජ­පක්ෂ මහතා එතු­මාගේ කණ්ඩා­ය­මත් සමඟ එකතු වෙලා ඉතා­මත් පැහැ­දිලි දැක්මක් ඉදි­රි­පත් කළා, ‘සෞභාග්‍ය දැක්ම‘ නමින්. මේ සෞභා­ග්‍යයේ දැක්ම කියන වැඩ­ස­ට­හන ආවාට ගියාට සකස් වුණ දෙයක් නොවෙයි.

මේ රටේ බුද්ධි­මත් උගත් පූජ්‍ය පක්ෂය දේශ­පා­ල­ඥ­යන් සහ සාමාන්‍ය ජන­තාව එකට එකතු වෙලා සකස් කරන‘ලද වැඩ­පි­ළි­වෙ­ළක්. නෙලුම් පොකුණ රඟ­හ­ලේදි එතුමා මෙය ජනගත කරමින් එහිදී ඉදි­රි­පත් කළා ලස්සන යෙදු­මක්. ඒ තමයි, 'ජන­තාව විසින් සකස් කළ, ජන­තාව වෙනු­වෙන් කැපවූ, ජනතා ප්‍රති­පත්ති මාලා­වක් කියන එක. එයයි යථා­ර්ථය. ඒ සකස් කරන ලද වැඩ­පි­ළි­වෙළ එතුමා පත්වූ මොහොතේ පටන් ක්‍රියා­ත්මක කර­න්නට පටන් ගත්තා.

සුළු ජාතික පක්ෂ විසින් මේ ජනා­ධි­පති මැති­ව­ර­ණය හසු­රු­ව­නවා කියන සාම්ප්‍ර­දා­යික මත­වා­දය බිඳින්න‍ට මේ රටේ බහු­තර ජන­තා­වට හැකි­යාව ලැබුණා. ජනා­ධි­ප­ති­ව­රයා පත් වුණාට පස්සෙ ඒ වැඩ­පි­ළි­වෙළ ඔහු සකස් කරලා තියෙ­නවා. සම­හ­රක් තීන්දු තීරණ ගත්තා; මැති­ව­රණ ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ ප්‍රකා­රව රටේ බදු අඩු කර­නවා කියලා. හිටපු රජය මේ ගැන පිළි­ගත්තේ නැහැ, හිනා වුණා. නමුත් ජනා­ධි­ප­ති­ව­රයා බල­යට පත් වුණ වහාම එය සිදු වුණා. නමුත් පළ­මු­වැනි කැබි­නට් රැස්වී­මේදී සියලු ජන­තා­වට එම බදු සහ­නය ලබා දුන්නා. එතැන තිබුණේ හුදු දේශ­පා­ල­නික පොරො­න්දු­වක් නොවෙයි; ඒ බදු සහන පොරොන්දු වල හොඳ ආර­ථික සැලැ­ස්මක් තිබුණා.

අපි දුටුවා පසු­ගිය කාලයේ රටේ 2015 සිට 2019 කාලය තුළ ජන­තා­වට බදු 100% වැඩි­ක­රලා තිබුණා. 2014 බදු රුපි­යල් බිලි­යන දහ­යයි. 2019 එය බිලි­යන දෙද­හ­කට වැඩි­ක­රලා තිබු­ණත් ජන­තා­වට සහන ලැබුණේ නැහැ. සිය­යට සිය­ය­කින් බදු වැඩි­වු­ණත් රටේ සංව­ර්ධ­න­යක් සිදු­වෙලා නැහැ. ජන­තාව සූරා කෑමක් සිදු වෙලා තිබුණා. ඒ තත්ත්වය ‍යටතේ තමයි බදු බරින් මිරි­කිලා හිටිය සාමාන්‍ය ජන­තා­වට සහ ව්‍යාපා­රි­ක­යන්ට විශාල බදු සහ­න­යක් සහ­න­යක් ලබා දෙන්නෙ. එයින් ජන­තා­වට කොත­රම් සහන ලැබෙ­න­වාද? කුඩා ව්‍යාපා­රි­ක­යන්ට ව්‍යාපා­රික අවස්ථා ලැබෙ­නවා. රැකියා උත්පා­ද­නය වෙනවා. ආයෝ­ජ­ක­යන් තමුන්ගේ ව්‍යාපාර සඳහා බඩු මිලදී ගන්නා විට කුඩා­ව්‍යා­පා­රි­ක­යන්ට ව්‍යාපාර අවස්ථා ලැබෙ­නවා.

පසු­ගිය රජය කාලයේ රජ­යත් සමඟ ව්‍යාපර කළ අයට කෝටි ගණන් මුදල් ගෙවලා තිබුණේ නැහැ. එයින් කෝටි ගණන් වල ව්‍යාපාර කඩා­ගෙන වැටෙ­න්නට පටන් ගත්තා . අමා­රු­වෙන් වුණත් මේ රජය එ් ‍මුදල් ගෙව­න්නට පටන් ගත්තා. නැති­නම් ඒ ව්‍යාපාර කඩා වැටෙ­න්නට ගත්තාම, කුඩා හා මධ්‍යම පරි­මාණ ව්‍යාපා­රි­ක­යන් කඩා වැටු­ණාම එවායේ රැකි­යව කරන ජන­තා­වට රැකියා නැතිව යනවා. මේ රටේ වැඩ කරන ජන­තා­ව­ගෙන් 70% පමණ රැකි­යාව කරන්නේ කුඩා හා මධ්‍යම පරි­මාණ කර්මාන්ත වල. ඒ නිසා ඒ කුඩා හා මධ්‍යම පරි­මාණ කර්මාන්ත රැක ගැනී­මට ඥාන­යක් නැති­නම් රැකියා වියු­ක්ති­යක් ඇති­වෙ­නවා. එමෙන්ම එතුමා බල­යට පත්වු කාල සිමා­වත් සමඟ බලන විට අපිට පේනවා; ඒ ප්‍රති­පත්ති මාලාවෙ එකින් එක ක්‍රියා­වට නංවන ආකා­රය. දුගී දුප්පත් පවු­ල්වල ජන­තා­වට රැකියා ලබා දීම උපා­ධි­ධා­රින්ට රැකියා ලබා දීමේ පොරො­න්දුව සහ වතු කම්ක­රු­වන්ට රැකියා ලබා දීමේ තීන්දුව ගත්තා. වතු කම්ක­රු­වන්ට රුපි­යල් දහක දිනක වැටුප ලබා­දීම වගේ ම කෘෂි­ නි­ෂ්පා­දන ප්‍රති­අ­ප­න­ය­නය තීන්දුව ගත්තා.

ඒවගේ එකින් එක කතා කළොත් අපිට පේනවා විශාල වැඩ­පි­ළි­වෙ­ළක් පසු­ගිය කාලය තුළ සිදු වුණ බව. ඒ සමඟ තවත් දෙයක් වුණා; රටේ මිනි­සුන් ආණ්ඩුව වෙනයි, පුර­වැ­සියෝ වෙනයි කියල කියන සාම්ප්‍ර­දා­යික මත­යෙන් බැහැ­රව ආණ්ඩුවේ වැඩ අතට ගත්තා. පරි­සර අලං­කාර කිරීම අතට ගත්තා; තාප්ප­වල පෝස්ටර් ගහලා අව­ල­ස්සන කර­න­වාට වඩා සිතු­ව­ම­කින් හැඩ කළාම කවු­රුත් පෝස්ටර් ගහන්න අදින්න ලියන්න පෙල­ඹෙන්නේ නැහැ.

රජය නීති­යක් දාලා තහ­නම් කර­න­වාට වඩා මේ වගේ විකල්ප වලින් ඒ දේවල් නතර කරන්න තරුණ පර­පුර ක්‍රියා­ත්මක වුණා. ඒව­ගේම තමයි සෞභා­ග්‍යයේ දැක්ම ප්‍රති­පත්ති ප්‍රකා­ශයේ සද­හන් කරලා තිබුණා, ජන­තාව රාජ්‍ය පාල­න­යට සම්බන්ධ කර­ගන්න ඕන; එය හොඳ ප්‍රව­ණ­තා­වක්. විශ්ව­වි­ද්‍යාල ශිෂ්‍ය­යන් කලින් ආණ්ඩුව කාල­යේදි විහා­ර­ම­හා­දේවි එළි­ම­හන් රංග­පී­ටය ළඟදි නතර කරලා කඳුළු ගෑස් ගහන එක වෙනු­වට ඒ අයට ජනා­ධි­පති කාර්යා­ලය ළඟට එන්න දුන්නා. ප්‍රශ්න සාකච්ඡා කරන්ට ඉඩ දුන්නා. එය දියුණු ප්‍රජා­ත­න්ත්‍ර­වාදී රටක ලක්ෂ­ණ­යක්. ප්‍රජා­ත­න්ත්‍ර­වා­ද­යට ගරු කිරීම, විවිධ මත­ව­ලට ගරු කිරීම කළ යුතුයි.

ඒ ක්‍රමය ජනා­ධි­ප­ති­ව­රයා හොඳින් ක්‍රියා­ත්මක කර­මින් පව­ති­නවා. කිසිම කෙනකු දේශ­පා­ලන කරුණු මත අත්අ­ඩං­ගු­වට ගන්න එපා කියලා නියෝග කළා. දේශ­පා­ල­නික දඩ­යම මේ රජය කරන්නේ නැහැ. පසු­ගිය රජය වගේ දේශ­පා­ලන මර්ධ­නය කරන්නේ නැහැ. එය නොවෙයි, මේ රජයේ ප්‍රති­ප­ත්තිය නීතිය ක්‍රිය­ත්මක කළ යුතුයි. අදාළ නීතිය ක්‍රියා­ත්මක කරන ආය­තන වලට දේශ­පා­ඥ­යන් ගිහිල්ලා ‍දේශපා­ලන පළි­ගැ­නීම් කිරී­මට නීතිය අතට ගත යුතු නැහැ. එම අනා­ග­තය සඳහා හොඳ ප්‍රව­ණ­තා­වක්. පසු­ගිය කාලයේ අධි­ක­ර­ණය ගැන තිබුණ කුකුස, සැකය මේ වන විට රන්ජන් රාම­නා­යක ගේ හඬ­ප­ට­ව­ලින් තහ­වුරු වුණා.

ඉතා­මත් කැත විදි­හට මේ රටේ නීතිය අග­ති­යට පත් කළා පසු­ගිය ආණ්ඩුව. එය නිවැ­රදි කර­ගැ­නීම ඉතා වැද­ගත්. ජන­තාව ‍තමන්ගේ පෞද්ග­ලික නඩු­ව­ක­ට­වත් විශ්වා­ස­යෙන් උසා­වි­ය­කට යන තත්ත්ව­යක් වත් නැති තර­මට අධි­ක­ර­ණය පිරි­හුණා. නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව අැතුළු සියලු ආය­ත­න­ව­ලට වග­කී­මක් තියෙ­නවා. මේ රටේ නීතිය ප්‍රති­සං­වි­ධා­නය කිරීමට.

අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය බිඳ වැටීම සමාජ ව්‍යස­න­යක්. එයින් අපි ගොඩට එන්න ඕන. එහිදී අපි දන්නා ඕනෑම රටක ප්‍රජා­ත­න්ත්‍ර­වා­දය ක්‍රියා­ත්මක කිරීම සඳහා වැද­ගත් වන අංශ තුනක් තියෙ­නවා.ඒ විධා­ය­කය, ව්‍යව­ස්ථා­දා­ය­කය සහ අධි­ක­ර­ණ­යයි. අපි අධි­ක­ර­ණය ගැන ඉහ­තින් කතා කළා. අධි­ක­ර­ණය මොන­ත­රම් රට­කට වැද­ගත් ද; අධි­ක­ර­ණයේ ස්වාධී­න­ත්වය රට­කට කොත­රම් වැද­ගත්ද කියලා අපි දැන් කතා කළා.

විධා­ය­කය සහ ව්‍යව­ස්ථා­දා­ය­කය ගැන කතා කළ යුතුයි. මෙය ඉතා වැද­ගත් රාජ්‍ය පරි­පා­ල­නය සඳහා. ඇතැම් රට­වල ජනා­ධි­පති ක්‍රමය සහ ඇතැම් රට­වල අග­මැති ක්‍රමය තියෙ­නවා.මේ ක්‍රම දෙකෙන් ම ජනා­ධි­පති හෝ අග­මැති සමඟ කට­යුතු කරන කැබි­නට් මණ්ඩ­ල­යක් සිටි­නවා.රාජ්‍ය නාය­කයා සහ විධා­ය­කය තමයි කැබි­නට් මණ්ඩ­ලය කියන්නේ. අපේ රටේ 19 වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන් පසුව විධා­ය­කය කුමක්ද කියලා අර්බු­ද­යක් ඇති­වෙලා තියෙ­නවා. ලොකු අර්බු­ද­යක් නිර්මා­ණය වෙලා තියෙ­නවා අපි දැක්කා. පසු­ගිය කාලයේ අග­මැ­ති­ව­රයා පත් කරපු ජනා­ධි­ප­ති­ව­ර­යාට ඔහු ඉවත් කරන්න බැහැ.

‍මෙය මහ අර්බුද කාරී­ත­ත්ත්ව­යක්. 19 වැනි සං‍ශෝධ­නය අනුව ‍මේ ව්‍යව­ස්ථාව අනුව ඔහු ඉල්ලා අස් වුනොත් හෝ මිය ගියොත් හැර ඉවත් කර­න්නට බැහැ. ආණ්ඩුව පැත්තෙ­නුත් එසේ­මයි. ආණ්ඩුව විසු­රුවා හරි­න්නට වසර හත­රා­මා­රක් යන­තුරු බැහැ කියන කාර­ණා­වම කොත­රම් ප්‍රජා­තන්ත්‍ර විරෝධි ද? පාර්ලි­මේ­න්තුව සහ ජනා­ධි­පති පත් කරන්නේ ජන­තාව නම් ජන­තා­වට අවශ්‍ය නම් ඒ ජනා­ධි­පති හෝ අග­මැති වෙනස් කරන්න ජන­තා­වට බැහැ ඕනෑම වෙලා­වක එසේ කරන්න.

ආණ්ඩු­වක් ඇවිත් රට විනාස කර­නවා නම් එ් විනා­ස­කාරී ආණ්ඩුව වෙනස් කර­න්නට, ඉවත් කර­න්නට බැරි නම් කොහෙද ජනතා පර­මා­ධි­ප­ත්‍ය­යක් තියෙන්නේ. ‍ජනතා පර­මා­ධි­පත්‍ය කියන සංක­ල්පය සම්පු­ර්ණ­යෙන් ම දුෂ­ණය කරලා දැම්මා 19වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­නය හරහා. හැම­පැ­ත්තෙන්ම විය­වු­ලක් තමයි ඇති කරලා තියෙන්නේ. එය මධ්‍යම රජය සම්පු­ර්ණ­යෙන් ම දුර්වල කරලා තිය­නවා. මම දැඩි ලෙස විශ්වාස කර­නවා; මෙය අන්ත­වාදි දෙමළ ඩය­ස්පෝරා සහ විදේශ බල­වේ­ග­වල කුම­න්ත්‍ර­ණ­යක් කියලා.

අපිට පිට­ස්තර බල­වේග සිටි­නවා; දෙමළ අන්ත­වා­ද­යට මධ්‍යම රජය දුර්වල කරලා ඔවුන්ට බලය අත් කර­ගන්න. සම­හර වි‍දේශ රට­ව­ලට අව­ශ්‍යයි, ‍මේ රට අස්ථා­වර කරලා ඔවුන් මත යැපෙන රටක් බවට පත් කරන්න. මේ දෙගො­ල්ලන් එකතු වෙලා රූකඩ රජ­යක් ලංකාවේ පිහි­ටුවා ගත්තා. රූකඩ රජයේ රූකඩ පාල­ක­යන්ට උප­දෙස් ලබා දුන්නා ආකාරය ගැන මේ ව්‍යව­ස්ථාව සංශෝ­ධ­නය විය­යුතු කියලා 19වැනි ව්‍යවස්ථා සංශෝ­ධ­න­යෙන් පළ­මු­වැනි පිය­වර තිබ්බා. ප්‍රජා­ත­න්ත්‍ර­වා­දයේ මළ­ගමේ මිනී පෙට්ටි­යට අන්තිම ඇනය ගහන්න සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝ­ධ­නය ගෙනල්ලා.

අවසාන වශයෙන් මේ රටේ ප්‍රග­ති­ශීලි පක්ෂ­ව­ලින් අපි ඉල්ලි­මක් කර­නවා; ඊළඟ මැති­ව­ර­ණ­යට පෙර කියන්න: ව්‍යව­ස්ථාව සම්බ­න්ධ­යෙන් මොන­වාද කරන්න බලා­පො­රොත්තු වන්නේ කියන කාර­ණාව සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත්විය යුතුයි. ඒ අනුව ජන­තා­වට නිසි තීන්දු ගන්නට පුළු­වන්.මා හිතන ආකා­ර­යට අපි ඊළ­ඟට ගේන ව්‍යව­ස්ථා­වෙන් මධ්‍යම රජය ශක්ති­මත් කළ යුතුයි. මේ විම­ධ්‍ය­ගත කර­නවා යැයි කිය­මින් මධ්‍යම රජය දුර්වල කිරීමේ ප්‍රෝඩාව අපි නතර කළ යුතුයි. අපි විම­ධ්‍ය­ගත කළ­යුතු වන්නේ වග­කී­මයි.

පසු­ගිය කාලයේ බලය ගත්ත උතුරු නැගෙ­න­හිර පළාත් සභා තමන් ගේ බලය නිසි­යා­කා­ර­යෙන් ක්‍රියා­ත්මක කළා ද? තව­මත් බලය ගැන කතා කර­නවා මිසක් ජන­තාව වෙනු­වෙන් ඔවුන් මොන­වාද කරලා තියෙන්නේ. තවත් බලය අව­ශ්‍යයි කියලා ඒ අය කිය­නවා. අපි වග­කිම් බෙදා­ග­න්නට ඕන; ඒ වග­කිම් බෙදා ගැනී­ම­ටයි බලය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා ව්‍යව­ස්ථාව ගැන කතා කරද්දි මේ ගැන ඍජුව කතා කර­න්නට ඕන. අපි විවෘ­තව කතා කර­න්නට ඕන. අපි කොහො­මද හරි දේශ­පා­ලන නාය­ක­ත්ව­යක් මේ විවිධ තල‍වල ගොඩ­නං­වන්නේ. අපි අවු­රුදු 72 දියු­ණු­වෙ­මින් පව­තින රටක් කිය­මින් සිටියා. අපි 1948 නිද­හස ලබා ගන්න කොට ලංකාව ආසි­යාව තුළ තිබුණු ආර්ථික වශ­යෙන් ප්‍රබල රටක්. පසු­ගිය අවු­රුදු 72 පුරා අපි එක­තැන පල් වෙද්දි; මන්ද­ගා­මීව ඉදි­රි­යට යද්දි අනෙක් රට­වල් අපිව පහු­ක­ර­ගෙන ඉදි­රි­යට ගියා.

අපි කල්පනා කර­න්නට ඕන, කොතැ­නද වැරදු‍ණේ කියලා. වැර­දුණේ නාය­ක­යන් තෝරා­ගැ­නි­මේදී. බලය ලබා දුන්නේ දූර­දර්ශි නැති මිනි­සුන්ට. මේ දේශ­පා­ල­නික කාර­ණාව පිළි­බඳ ව දැන් අපි සංවේ­දීව වටහා ගත යුතුයි. හරි දේශ­පා­ල­ඥ­යන් මේ රටට තෝරා ගත යුතුයි. අපේ රටට විශාල සේව­යක් කරන ලද දේශ­පා­ල­ඥ­යන් ඉන්නවා. තිස් වස­ර­කට අධික යුද්ධය ජය­ග්‍ර­හ­ණය කරපු මහින්ද රාජ­පක්ෂ මහතා වැඩ­ක­රලා පෙන්නලා මේ රටේ වත්මන් අග­මැ­ති­ව­රයා වශ­යෙන් පත් වෙලා ඉන්නවා. මේ අයගේ උප­රිම දේ අපි ලබා ගත යුතුයි. මේ වගේ හොඳ දේශ­පා­ල­න­ඥ­යන් සහ රටට වැඩ කර­න්නට පුළු­වන් නව­ක­යන් එකතු කර­මින් රට ඉදි­රිය යැවීමේ ගාමක බලය ලබා දෙන හොඳ සම්මි­ශ්‍ර­ණ­යක් ඊළඟ පාර්ලි­මේ­න්තු­වට යැවිය යුතුයි. ඒ තුළින් මේ රට ඓති­හා­සික ලෙස නැවත ගොඩ­න­ඟ­න්නට අපිට හැකි­යාව තියෙ­නවා.''

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page