gossiplanka alexa විනිසුරුවරුන් 64දෙනෙකු සමඟ රන්ජන්ගේ සාකච්ඡා, විනිසුරු සංගමයත් කැළඹෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විනිසුරුවරුන් 64දෙනෙකු සමඟ රන්ජන්ගේ සාකච්ඡා, විනිසුරු සංගමයත් කැළඹෙයි

හාධිකරණ විනිශ්චකාර වරුන්ගේ සංගමය විසින් පැවැත් වූ කමිටු රැස්වීමේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ විනිශ්චකාරවරුන් කිහිප දෙනෙකු අතර සිදුවී ඇති කියන දුරකථන සංවාද ගැන සාකච්ඡාවට ලක් වී තිබෙනවා. එහි දී ඒ සම්බන්ධයෙන්  කඩිනම් විමර්ශනයක් ආරම්භ කරන ලෙස මහාධිකරණ විනිශ්චකාරවරුන්ගේ සංගමය විසින් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අධිකරණ පද්ධතිය ස්වාධීනත්වයට මෙම සිද්ධිය බැරෑරුම් තර්ජනයක් වන බව පවසමින් අගවිනිසුරුවරයා වෙත ඉහත ඉල්ලීම කරමින් ලිපියක් යවා තිබෙන අතර අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්ටද එහි පිටපත් යවා තිබෙන බව සඳහන්.

මේ අතර කොළඹ පැවති මාධ්‍ය හමුවකදී විශ‍්‍රාමික මේජර් අජිත් ප‍්‍රසන්න මහතා ඇත්තේ  එජාප මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා විනිසුරුවරුන් 64 දෙනෙකු සමගින් සාකච්ඡා කරන හඬ පට ඇති බවට තමන්ට තොරතුරු ඇති බව යි.

අධිකරණයෙන් වාරන නියෝගයක් ඉල්ලමින් සගවන්නට උත්සාහ කරන ලද්දේ එම හඬ පට යයිද ඔහු සදහන් කළා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu