gossiplanka alexa බේරුවල සිට යාපනයට ගිය වෛද්‍ය සිසුවිය ගෙල අත පය කපා ඝාතනය කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බේරුවල සිට යාපනයට ගිය වෛද්‍ය සිසුවිය ගෙල අත පය කපා ඝාතනය කරයි

යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා සිසුවිය ඊයේ (22) ගෙල කපා ඝාතනය කර තිබෙනවා. ඒ යාපනය පන්නෙයි කො‍ටුව අසල දී. මෙම සිසුවිය ගෙල හා අත කපා ඝාතනය කර අසල මුහුදු රැල්ල මතට දමා පලා යාමට උත්සහ කිරීමේදී ප්‍රදේශවාසීන් විසින් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

මෙම වෛද්‍ය සිසුවිය සැකකරු හා ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් ඇතිවූ ආරවුලක් දුරදිග යාමේ දී මෙම අවාසනාවන්ත සිද්ධිය වී ඇති බවත් ආරංචි මාර්ග පවසනවා. අදාල සිසුවිය  සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත් එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් සැකකරු අතෙහි තිබූ තියුණු  ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කර තිබෙන බවත් වැඩි දුර ආරංචි මාර්ග පවසනවා.

ඝාතනය සිදු කළ සැකකරු යුද හමුදා සෙබලෙකු බවටත් ඔහු පරන්තන් ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන බවටත් පොලීසිය අනාවරණය කර ගෙන තිබෙනවා. අදාල ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පුලුල් පරික්ෂණයක් අරඹා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu