gossiplanka alexa මංගල සමරවීරගේ වංචාවක් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මංගල සමරවීරගේ වංචාවක් පිළිබඳ ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ?

පැවති ආණ්ඩුවේ යම් යම් අක්‍රමිකතා හෙළිවෙමින් පවතිනයුගයක තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ගැන කතා බහට ලක් වනවා. ඒ  දුම්කොළ හා මධ්‍යසාරපිළිබඳ ජාතික අධිකාරියේ හිටපුසන්නිවේදන  නිලධාරී ප්‍රදීප් සන්ජීව පෙරේරා විසින් නිකුත් කර ඇති නිවේදනයක් සම්බන්ධයෙන්. එම නිවේදනය පහතින්,

''මංගල සමරවීර,තුසිත හල්ලොලුව සමග එක් වී කල රටම කළඹන ලක්ෂ 5000 සුරා බදු FL4 බලපත්‍ර වංචාව හෙළි වෙයි''

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම අමාත්‍ය ධූරය දරණ අවසන් කාල පරිච්ඡේදය එනම් ජනාධිපතිවරණය ආසන්නයේ දී තම සම්බන්ධීකරණ ලේකම් තුසිත හල්ලොලුව සමග එක් වී සිදු කරනු ලැබූ සුරා බදු බලපත්‍ර වංචාවක් සම්බන්ධයෙන් තොරතුරු අද අනාවරණය වී තිබේ.

FL4 බලපත්‍ර 10ක් මෙලෙස හිටපු මුදල් අමාතය මංගල සමරවීර මහතා විසින් තුසිත හල්ලොලුව සමග එක් වී ලක්ෂ 5000ක් ලබා ගනිමින් විකුණා තිබෙන බව ද සුරා බදු අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කර සිටී.

මේ පිළිබදව තොරතුරු අන්තර්ගත වන ලිපිගොනු සියල්ලම පාහේ නව සුරාබදු කොමසාරිස්වරයා විසින් අද දින පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම බලපත්‍ර වංචාව පිලිබදව තොරතුරු සොයගෙන ඇතැයි එම ආරංචි මාර්ග කියා සිටී.

මේ FL4 බලපත්‍ර වංචාව පිළිබදව වහාම පරීක්ෂණ ආරම්භ කිරීමට නව සුරාබදු කොමසාරිස්වරයා සූදානමින් සිටින බව එහි ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි. පසුගිය කාලයේ දී නව සුරාබදු කොමසාරිස්වරයා පත්කිරීමට විරුද්ධව කටයුතු කලේ මේ සදහා හවුල් වූ සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව තොරතුරු ලබා දුන් නිලධාරීන් පෑවසූහ.

ප්‍රදීප් සන්ජීව පෙරේරා
සන්නිවේදන නිලධාරී ( හිටපු )
දුම්කොළ හා මධ්‍යසාර පිලිබද ජාතික අධිකාරිය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu