gossiplanka alexa ගෝඨාභය, මහින්දට විරුද්ධව නඩු තීන්දු දීමට විනිසුරුවරයාට සහ දරුවන්ට රන්ජන්ගෙන් මරණ තර්ජන

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභය, මහින්දට විරුද්ධව නඩු තීන්දු දීමට විනිසුරුවරයාට සහ දරුවන්ට රන්ජන්ගෙන් මරණ තර්ජන

සුගිය 9 වන දින කොළඹ  හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා  වැඩබලන පොලිස්පති වරයා වෙත ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන්ටත් තම පවුලේ සාමාජිකයන්ටත් රංජන් රාමනායක හිටපු මන්ත්‍රිවරයා විසින් මරණ තර්ජන එල්ල කළ බවයි.  තමන්ට අවැසි ලෙස තීන්දු ලබා නොදුනහොත් එවකට පාසැල් යන වයසේ සිටි  තම දියණිය සහ පුත්‍රයා අනතුරකට පත් කරන බව රාමනායක රාජ්‍ය ඇමතිවරයා දන්වා තිබූ බවද පැමිණිල්ලේ සඳහන් කර තිබෙනවා. 

මෙම කරුණ සම්බන්දයෙන් 2015 ජූලි මාසයේ දී තමන් විසින් අධිකරණ සේවා කොමිෂන් සභාවට ලිඛිත වාර්තා කළ බවත් එවකට පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතාට ලිඛිතව දැනුම් දුන් බවත් මෙකී ලිඛිත පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන්වනවා. 

මෙසේ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් බලපෑම් කර ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මැති ඇමැතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා ට විරුද්ධව අධිකරණයේ තිබූ කටයුතු වලදී දඬුවම් දීමට බවයි එම ලිඛිත ප්‍රකාශයේ දැක්වෙන්නේ. 

රාමනායක හිටපු රාජ්‍ය ඇමතිවරයා එක් අවස්ථාවක තමාට දන්වා සිටියේ තමන් ඉදිරියේ පැවැති නඩුවක් සම්බන්ධයෙන් අපේක්ෂා කරන අරමුණ ඉටු නොවේ නම් ජනතාව උසාවිය වටලා ගල් ගැසීමට ද ගිනි තැබීමට සූදානමින් සිටින බව ලෙස විනිසුරුවරයා වැඩි දුරටත් සඳහන් කර සිටිනවා.

පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වන්නේ ඔහුගේ බලපෑම් වලට තමන් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වූ නිසා එදින රන්ජන් රාමනායක විසින් තමන් පාර්ලිමේන්තුවේදී දැඩිව විවේචනය කළ බව යි.  
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu