gossiplanka alexa BreakingNews - මාරාන්තික කොරෝනා වෛරසය වැළදී ඇතැයි සැකකෙරෙන කාන්තාවන් දෙදෙනෙක් ලංකාවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

BreakingNews - මාරාන්තික කොරෝනා වෛරසය වැළදී ඇතැයි සැකකෙරෙන කාන්තාවන් දෙදෙනෙක් ලංකාවේ

චීනයේ පැතිරයන මාරාන්තික කොරෝනා වරසය ලොවපුරා ව්‍යාප්තවීමේ අවධානම ඉහළ යමින් පවතිනවා. එක්සත් ජනපදය, තායිලන්තය, ජපානය, දකුණු කොරියාව, තායිවානය, වියට්නාමය, සිංගප්පූරුව, හොංකොං, මැකාවෝ සහ නේපාලය යන රටවල් සියල්ලෙහිම ආසාධිතයින් හමුවී  තිබූ අතර නවතම වාර්තා සඳහන් කරන්නේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන චීන ජාතික කාන්තාවක් ඇතුළු දෙදෙනකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයට (IDH) ඇතුළත් කර ඇති බව යි. 

එම චීන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙර බවයි වාර්තා වන්නේ. එම වෛරසයට ගොදුරු වී ඇති අනෙක් කාන්තාව ශ්‍රී ලාංකිකයෙක්. 

එහි අධ්‍යක්ෂක වෛද්‍ය හසිත අත්තනායක මහතා ප්‍රකාශ කර සිටින්නේ මේ වන විට එම රෝගීන්ගේ රුධිර සාම්පල් බොරැල්ලේ පිහිටි වෛද්‍ය පර්යේෂණ ආයතනයට රුධිර සාම්පල යවා ඇති බවයි. 

මෙ අතර කොරෝනා වෛරසයෙන්, වසරක් තුළදී මිලියන 65ක් මිය යා හැකි බවට ඇමරිකානු සෞඛ්‍ය විශේෂඥ කණ්ඩායමක් අනාවැකි පළ කර තිබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ ජෝන්ස් හොපකින්ස් මධ්‍යස්ථානයේ (Johns Hopkins Center) විද්‍යාඥයින් පිරිසක් විසිනුයි මෙසේ අනාවැකි පළ කර තිබෙන්නේ. ඒ චීනයේ වුහාන්වලින් මෙම වෛරසය පිළිබඳව වාර්තා වීමට මාස තුනකට පෙරදීයි. ඔවුන් විසින් උපකල්පනය කර තිබෙන පරිදි මාස 18ක් වැනි කාලයක් තුළ මිලියන ගණනක ජීවිත අහිමිව යනු ඇති බවයි සඳහන් වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu