gossiplanka alexa අළුත් අවුරුද්දේ බදුලු ඔය බිළිගත් සහෝදරියන් දෙදෙනාගේ දුක්බර කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අළුත් අවුරුද්දේ බදුලු ඔය බිළිගත් සහෝදරියන් දෙදෙනාගේ දුක්බර කතාව

යුරේකා සජීවනී (11) සහ දිලිනි රත්නායක (13)  හාලිඇළ කඳු මුදුනක පිහිටි නුගසෙවණ ගම අසල්වැසි කුඩා ගෙවල් දෙකක දියණියෝ දෙදෙනෙක්. 2020 නව වසර උදාවත් සමඟ ප්‍රීතිවනළමුන් අතර යුරේකා ත් දිලිනිත් විය. 

යුරේකා ඉගෙන ගත්තේ බදුල්ල සිරිසුමන විද්‍යාලයේ 7 වන ශ්‍රේණියේ. දිලිනි ඉගෙන ගත්තේ හාලිඇළ ඩෙන්සිල් කොබ්බෑකඩුව විදුහලේ 8 වන ශ්‍රේණියේ.   දිළිනිගේ ගෙදර පිහිටා තිබුණේ යුරේකාගේ ගෙදරට පහළින්.  යුරේකාගේ බාහිර ක්‍රියකාරකම් අතර නර්තනයට හපනියකි. ගමේ කෝවිලේ ගිනි පාගද්දී මුලින්ම ගිනි ගොඩ උඩින් යන්නේ ඇයයි. ඇය කාවාඩි නැටීමටද රුසියෙකු බව ගම්මු දැනගෙන සිටියා. 

යුරේකාගේ මව සහ පියා කම්කරු වෘත්තීන් හි යෙදී සිටින නිසා අම්මා වැඩට ගිය පසු නංගී රැක බලාගැනීම පැවරුණේ අක්කා වන අනුෂාටයි. යුරේකා පහළ නිවසේ සිටින තම මවගේ මල්ලී වන කේ.පී. සිරිපාල හෙවත් කළු මාමාට අක්කාගේ ජංගම දුරකථනයෙන් කතාකර බදුලු ඔයේ නාන්න යන්න කතා කර ගෙන තිබුණා. ඒ කළු මාමාගේ දුව වන දිළිණි ද දිළිණිගේ අයියා වන තරංග ද සමඟින්. නමුත් යුරේකාගේ අක්කා එය අනුමත කළේ නැහැ. 

නමුත් අවසානයේ අක්කාගේ අනුමැතිය එයට හිමිවුණා. 

‘නංගී එහෙනම් කඩේට ගිහින් දවල්ට උයන්න සෝයා පැකට් එකක් අරන් එන්න’ යැයි අක්කා කිවූ පසු යුරේකා වහා කඩේට දිවගොස් සෝයා පැකට් එකක් ගෙනැත් දී කළු මාමාගේ නිවසට යාම සඳහා අඩි පාරට බැස්සා.  කළු මාමා, දිළිණි අක්කා සහ තරංග අයියා සමඟ යුරේකා නාන ගමනට පිටත් වුණා. 

කි.මී. 2ක් පමණ පල්ලම් බැස අතුරු පාරක් ඔස්සේ බදුලු ඔයට යනවිට තවත් පිරිසක් දිය නාමින් සිටියා. දිය නාන මහවළ නමැති ස්ථානයට නුදුරින් වැලි තොටුපළක් ද පිහිටියේය. එනිසා ඔයේ ගැඹුරද දැන් වැඩියි. කෙසේ නමුත් කළු මාමා සහ තරංග අයියා දියට බැස්සත් යුරේකා දියට නොබැස ගල් පොත්තේ වාඩිවී දිලිනි අක්කා සමඟ කතා කරමින් දෙපා වතුරට දමමින් සිනාසෙමින් සිටියා.  කළු මාමා දියට එබී උඩට එද්දී දියණියන් දෙදෙනා දක්නට සිටියේ නැහැ.  

‘තරංග පුතේ, නංගිලා නැහැ.’ කළු මාමා කෑ ගැසුවා. දෙදෙනාම වට පිට බලා යුරේකා හා දිලිනි සොයන්නට ගැඹුරු දියට යනවිට ඔවුන් දෙදෙනාද සැඩ දිය පහරට හසුවී ගිලෙන්නට ගිය නමුත් ඉතා අසීරුවෙන් දියෙන් ගොඩවූයේ කෑගසමින්. 

ඒ හඬ ඇසී ගමේ අය සහ පහළින් දිය නෑ අය දුවගෙන ආ නමුත් සැණින් දියට බැසීමට බියවුණා. 

ඩී.එම්. කුමාර ඒ වනවිට හිටියේ හාලිඇළ නගරයේය. ඔහුට මේ බව ආරංචි වී දුවගෙන ආවේය. වහා ඔයට පැන මේ දැරියන් දෙදෙනා හොයන්නට පටන් ගත්තේය. කුමාරටද හොඳින්ම පීනන්නට බැරි නිසා ඔහු ද සැඩ දිය පහරට හසුවුවත් ඔහු දිවිපරදුවට තබා ඉදිරියට ගොස් කිමිදී දැරියන් දෙදෙනා ගොඩගෙන ආවේ තවත් තරුණයෝ පිරිසක් ද සහාය ඇතුවයි. වහාම ඔවුහු දැරියන් දෙදෙනා බදුල්ල මහ රෝහලට රැගෙන ගියත් ඒ වන විට දියණියන් දෙදෙනාම ජීවිතය හැර ගොස් තිබුණා.

දැරියන් දෙදෙනා දියට වැටුණු අයුරු කිසිවෙක් දැක නැතත් ඉඳගෙන සිටි ගල ලිස්සා යාමෙන් හෝ ඔයේ සැඩ දිය පහරක් නිසා ඔවුන් දෙදෙනා ඔයට වැටුණේ යැයි සැක පහළ වී තිබෙනවා. අලුත් අවුරුද්ද උදාවෙද්දි මේ සහෝදරියන් දෙදෙනා ගමේ පොදු සුසාන භූමියේ එකම ළඟින් කපන ලද වළක මිහිදන් වූයේ මුළු ගම්මානයම හඬවමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu