gossiplanka alexa 'කොරෝනා ගෝලීය වසංගත රෝගී තත්ත්වයට පත් වීමට ආසන්නයි, වහාම සියළු රටවල් චීන ජාතිකයින්ට සීමා පනවන්න' - වෛද්‍ය විශේෂඥයින්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

'කොරෝනා ගෝලීය වසංගත රෝගී තත්ත්වයට පත් වීමට ආසන්නයි, වහාම සියළු රටවල් චීන ජාතිකයින්ට සීමා පනවන්න' - වෛද්‍ය විශේෂඥයින්

පැතිරෙමින් පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 106 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. තවත් පුද්ගලයින් 4000 කට පමණ කොරෝනා වෛරසය වැලදී ඇති බවයි චීන බලධාරින් සඳහන් කරන්නේ.

එසේම ලොවපුරා රටවල් 15 කින් නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් හමුවී තිබෙනවා. විශේෂඥයින් අනතුරු අඟවා තිබෙන්නේ මෙම  වෛරසය ලොවපුරා පැතිරි යාම වැළැක්වීම සඳහා ලොව සියළු රටවල් වහාම චීන ජාතිකයින්ට සංචාරක සීමා පැනවීමට පියවර ගත යුතු ලෙසයි.  . හොංකොං සරසවියේ විශේෂඥ පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී සඳහන් කර සිටින්නේ "මෙය ගෝලීය වසංගත රෝගී තත්ත්වයක් බවට පත්වීමට ආසන්න තත්ත්වයේ පසුවන්නේ. ඒ වෙනුවෙන් ලොව අනෙක් රටවල් චීන ජාතිකයින්ට සංචාරක සීමා පැනවීමට පියවර ගන්න අවශ්‍යයි" යනුවෙන්.

එම ප්‍රධානී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ චීනයේ වුහාන් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් පටන් ගත් මෙම වෛරසය දිනෙන් දිනම පැතිරෙමින් තිබෙන බවත් එය වැඩි ජනගහණයක් තිබෙන බිජිං, ශැන්හායි, චොංන්කින් ඇතුළු ප්‍රධාන පෙළේ නගරවලට පැතිරි යාමේ අවධානමක් තිබෙන බවත් ය.

දැනට වාර්තාවන රෝගීන් සංඛ්‍යාව සමග සංසන්දනය කිරිමේදී චීනය තුල පමණක් නව කොරෝනා වෛරසට ගොදුරුවූ පිරිස 44,000 ක් බවත් එය සෑම දින දෙකකට වරක් දෙගුණයකින් ඉහළ යා හැකි බවයි විශේෂඥ පර්යේෂණ කණ්ඩායම වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu