gossiplanka alexa ජනපතිගේ ජයග්‍රගණය විජයග්‍රහණය කල ආචාර්ය නාලක ගොඩහේවා ගොඩනැගු "සියනෑ කතිකාව" පළමු සංවත්සරය සමරයි - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනපතිගේ ජයග්‍රගණය විජයග්‍රහණය කල ආචාර්ය නාලක ගොඩහේවා ගොඩනැගු "සියනෑ කතිකාව" පළමු සංවත්සරය සමරයි - PHOTO

ත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අපේක්ෂකත්වය හා ජයග්‍රරහණය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය තුල පසුගිය වසර පුරා විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් හා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කල ආචාර්ය නාලක ගොඩහේවා නායකත්වය දරන සියනෑ කතිකාව සංවිධානයේ වාර්ෂික සමුලුව ගම්පහ දිස්ත්‍රික්කයේ නයිවල කොවැන්රෝ හෝටලයේදී ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි.

එහි අනෙකුත් විශේෂ ආරාධිතයා වූයේ නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රි‍යත් බන්දු මහතායි.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න , ආචාර්ය ප්‍රි‍යත් බන්දු හා ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් තම දේශනවලදී පෙන්වා දුන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය කඩිනමින් ක්‍රියාවට නැංවීම දැනටමත් ආරම්ඹ වී ඇති ආකාරයයි.

රටේ බුද්ධි අංශ ජාලය ශක්තිමත් කොට ඇති බවත් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම රජයේ මූලික ප්‍රතිපත්තියක් බවත් ආරක්ෂක ලේකම් වරයා පෙන්වා දුන්නේය.

රට පුරා විසීරී සිටින තවමත් පිරිසිදු පානීය ජලය නොලබන ජනතාවගේ ගැටලු විසඳීමට විශේෂ අවධානයක් යොමු වී ඇති බවත් පසුගිය රජයේ අකාර්යක්ෂමතාව නිසා ප්‍රමාද වී ඇති බොහෝ ව්‍යාපෘති කඩිනමින් යලි ආරම්බ කරනා බවත් ආචාර් ය ප්‍රියත් බන්දු විසින් පෙන්වා දෙන ලදී

ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශණය යටතේ ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් දුන් පොරොන්දු ඉටු කිරීමට තමා පෞද්ගලිකව මැදිහත් වන බවයි.

එදා පොරොන්දු වූ ආකාරයටම ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය අධ්‍යාපන ආයතනය විශ්ව විද්‍යාල මට්ටමට උසස් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාව තව දින කිහිපයකින් ඉදිරිපත් වීමට නියමිත බවත, ගම්පහ දිස්ත්‍රික්කය තුල එලවලු හා පලතුරු ඇසුරුම් කොට, අගය වැඩි කොට පිටරට යැවීම සඳහා කර්මාන්ත ශාලා පිහිටවීම සාකච්චා වෙමින් පවතින බවත් ඔහු පෙන්වා දුන්න.

තව දුරටත් අදහස් ප්‍රකාශ කල ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ පසුගිය ආරම්බ වූ ස්විස් තානාපති කාර්යාල සිද්ධිය අහඹු සිද්ධියක් ලෙස තමා නොසිතන බවත් එය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් මේ වන විට ඇමෙරිකාව ඉවත් වී සිටින නිසා ඒ වෙනුවට ලංකාවට එරෙහිව අන්ත්වාදී දෙමල ඩයස්පෝරාවට ලබන වසරේ සිට උපකාර කිරීමට ස්විට්සර්ලන්ත රජයට හේතුවක් සාදා ගැනීමට කල දීර්ඝ කාලීන සැලැස්මක ප්‍රතිපලයක් විය හැකි බවත්ය .

සියනෑ කතිකාවේ වාර්ශික සම්මේලනයට සංවිධානයේ ලියාපදිංච් ක්‍රියාකාරී සාමාජිකයන් 750 පමන සහභාගී වී සිටියහ.











ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu