gossiplanka alexa පාස්කු ප්‍රහාරය පිටුපස පසුගිය රජයේ ප්‍රභල දේශපාලඥයින් දෙදෙනෙක් ? - කාදිනල් හිමියන් ජනාධිපති කොමිෂන් සභාව හමුමේ සාක්ෂි දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාස්කු ප්‍රහාරය පිටුපස පසුගිය රජයේ ප්‍රභල දේශපාලඥයින් දෙදෙනෙක් ? - කාදිනල් හිමියන් ජනාධිපති කොමිෂන් සභාව හමුමේ සාක්ෂි දෙයි

https://www.gossiplanka.com/2019/12/pasku-attack.html
පාස්කු ඉරිදා ප්‍රහාරයට හිටපු රජයේ ඉහළ ඇමතිවරුන් පිරිසකගේ ඇති සබදතා සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමට ලැබී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

කොළඹ අගරදගුරු අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා යන දිනයන්හිදී පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන් අතර එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජයේ හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගේ සම්බන්ධතාවයන් ගැන කරුණු සහිතව උන්වහන්සේ හෙළි කොට ඇති බවයි වාර්තා වුනේ.

ඒ අනුව පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර සහ පසුව ඇතිවූ සිද්ධීන් වලට සහ මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම කැඩීමේ සිද්ධියට හිටපු රජයේ ඉහළ ඇමතිවරුන් පිරිසකගේ ඇති සබදතා සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු රැසක් එහිදී හෙළි කර ඇති බවයි සඳහන් වන්නේ.

ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලබන ජනාධිපති කොමිසම අදාළ ඇමතිවරුන් සම්බන්ධයෙන් වන තොරතුරු අනුව ඔවුන්ව ඉදිරියේදී කොමිසමට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu