gossiplanka alexa චන්ද්‍රිකාගේ රැස්වීමට හොරගොල්ලෙනුත් ඇවිත් සෙනඟ නැහැ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

චන්ද්‍රිකාගේ රැස්වීමට හොරගොල්ලෙනුත් ඇවිත් සෙනඟ නැහැ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ව්‍යාපාරය විසින් සංවිධාන කළ රැස්වීම ඊයේ (5) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. ඒ සඳහා මහජනතාව ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය මෙහෙයවීමට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පෞද්ගලිකව මැදිහත් වී තිබෙනවා. 

චන්ද්‍රිකා මහත්මිය යටතේ ඇති ආයතන හා හොරගොල්ල වත්තේ සේවකයින් සහ කම්කරුවන්ද, ණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ වත්මන් පාලනය යටතේ බඳවා ගත් සේවකයින් 100 ක් පමණ ද රැස්වීම සදහා කොළඹට කැඳවා ඇතැයි වාර්තා වනවා. 

නමුත් ‍රැස්වීමට සහභාගී  තිබෙන්නේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ  සේවකයින් පස් දෙනෙකුටත් අඩු සංඛ්‍යාවක් බවයි වාර්තා වන්නේ. අන් සියලු දෙනා සම්මන්ත්‍රණ ශාලාවේ රාජකාරියට වාර්තාකර තිබෙනවා. 


එසේම නිට්ටඹුවේ සිට පැමිණි පිරිස ඊයේ දහවල් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නිල නිවසට පැමිණ දිවා ආහාරය ලබා ගැනීමෙන් අනතුරුව සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය බලා පිටත්ව ගොස් තිබෙනවා. නමුත් නිට්ටඹුවෙන් පැමිණි පිරිස පනහකටත් වඩා අඩු වීම හේතුවෙන් හිටපු ජනපතිනිය අදාළ සංවිධායකයින්ට චෝදනා කරනවා. 

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනියගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතා  හිටපු ජනාධිපතිතුමියගේ කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් වීමේ නිවේදනය  ඊයේ දිනයේ දී නිකුත් කළා. ඒඅනුව ජස්ටින් මහතා සෙනඟ රැස් කිරීම කඩාකප්පල් කර ඇති බවට චන්ද්‍රිකා මහත්මිය චෝදනා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu