gossiplanka alexa කඨින පිංකම අතරතුර ජීවිතයට සමුදුන් සිසුවාගේ ඛේදජනක කතාව

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කඨින පිංකම අතරතුර ජීවිතයට සමුදුන් සිසුවාගේ ඛේදජනක කතාව

මේ දිනවල කඨින පිංකම් බොහොමයක් පැවැත්වෙනවා. ලොකු කුඩා සියළු දෙනාම තම තමන්ට හැකි පමණින් සැදැහැසිතින් කඨින පිංකම් සඳහා දායකත්වය සපයනවා. මේ කියන්න යන්නේ ඒ වගේ කඨින පිංකමක් අතරතුර සිදු වුණු ඛේදජනක කතාවක්.

සිදුවීම වෙලා තියෙන්නේ කටාන පොලිස් බල ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වාර්ෂික කඨින පිංකමක් අතර වාරයේදී. එම පිංකම අතර තුර  මල් වෙඩිල්ලක් දැල්වීමට ගිය දරුවෙකු එම මල්වෙඩිල්ල එක්වරම පිපිරීයාම නිසා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටාන, ඇටඹගහවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරු 14 ක දරුවෙක්.


මෙම දරුවා විහාරස්ථානයේ කඨින පෙරහැර සිය නිවස අසලින් ගමන් කරන අවස්ථාවේදී මෙම දරුවා  මල් වෙඩිල්ලක් දල්වා ඇති අතර  එය පත්තු නොවීම හේතුවෙන් නැවතත් එයට එබී බලන අවස්ථාවේදී එක් වර මල් වෙඩිල්ල පුපුරා ගොස් තිබෙන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

එම අවස්ථාවේදී තුවාල ලැබූ දරුවා  මිගමුව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා. අතර සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu