gossiplanka alexa කුමාර වෙල්ගම දෙපිටකා‍ටුවෙක් - වෙල්ගම අතහැර චන්ද්‍රිකා සජිත් පිලට සහාය දෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුමාර වෙල්ගම දෙපිටකා‍ටුවෙක් - වෙල්ගම අතහැර චන්ද්‍රිකා සජිත් පිලට සහාය දෙයි

ක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය පළ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ හමුවක් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විසින් ඊයේ (31)  දිනයේ කැඳවා තිබුණා. එම හමුව සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක තිහකට ආසන්න පිරිසක් සම්බන්ධ වී සිටියා.

ඉන් අති බහුතරයක් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා දෙපිටකාට්ටුවෙකු බවත් ඔහුට අවශ්‍ය නායකයා වීමට පමණක් බවත්ය.වෙල්ගම මහතා විශ්වාස කර කිසිදු කටයුත්තකට ඔහු සම්බන්ධ කර ගත යුතු නැති බවද එම සංවිධායකවරුන් සදහන් කර ඇති අතර කළුතර දිස්ත‍්‍රික්කයේ සංවිධායකවරියක් වෙල්ගම මහතාට දැඩි විරෝධයක් පල කර සිටියා.

මෙම අදහස ගැන හිටපු ජනාධිපතිනිය කිසිදු මතයක් පළකර නැති අතර කුමාර වෙල්ගම මහතා ද අදාළ හමුව සඳහා සහභාගි කර ගෙන තිබුණේ නැහැ.

මෙ අතර එක්සත් ජාතික පෙරමුණට සහයෝගය ලබා​දෙන දේශපාලන පක්ෂ ඒකාබද්ධව ‘ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ අද (1 වැනිදා) යළි ස්ථාපිත කෙරුණා. මෙම පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ද එක් වන ​අතර මීට අදාළව දේශපාලන පක්ෂ අවබෝධතා ගිවිසුමට එළැඹුණා.

අමාත්‍යවරුන් වන පලනි දිගම්බරම්, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, රාජිත සේනාරත්න, රිෂාඩ් බදියුදීන්, අර්ජුන රණතුංග යන දේශපාලන පක්ෂ නායකයන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu