gossiplanka alexa ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නීතිය - ගෝඨාට බලපෑම් කල නොහැකියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් නීතිය - ගෝඨාට බලපෑම් කල නොහැකියි

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා එම පෙත්සම මගින් ඔහුගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට කිසිදු බාධාවක් ඇති කල නොහැකි බවයි හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා සඳහන් කරන්නේ.

ජනාධිපතිවරණයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට නියෝගයක් ලබා දිය හැක්කේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බව හිටපු අගවිනිසුරුතුමා පවසනවා.

ජනාධිපතිවරණ පනත අනුව අපේක්ෂකත්වය මැතිවරණ කොමිසම විසින් පිළිගත හොත් ඉන් පසුව කළ හැකි එකම දේ වන්නේ ඡන්ද පෙත්සමක් ගොනු කිරීම යයිද ඔහු සඳහන් කරනවා.

එමෙන්ම මේ වනතෙක් ගෝඨාභය රාජපක්ෂ මහතා අපේක්ෂකයෙක් ලෙස පිළිගෙන නොමැති නිසා එවන් විරෝධතාවක් පවා ගොනු කළ හැක්කේ නාම යෝජනා පළිිගැනීමෙන් පසුව පමණක් යයිද ඔහු කියා සිටිනවා.

දැනට ගොනු කර ඇති නඩුව මඟින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග කිරීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා සිටීමට හෝ හැකියාවක් නැතැයිද හිටපු අගවිනිසුරුවරයා වැඩි දුරටත් කියා සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu