gossiplanka alexa ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාධාවක්, විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට බාධාවක්, විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කෙරේ

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීමට තීරණය කිරීම හේතුවෙන් ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට තරඟ කිරීමට නොහැකි වුවහොත් විකල්ප අපේක්ෂකයෙකු සූදානම් කිරීම සම්බන්ධයෙන් එම පෙරමුණේ අවධානය යොමුව  ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් වන හදිසි පක්‍ෂ නායක සාකච්ඡාවක් අද පස්වරුවේ කැඳවා ඇති බව විපක්ෂයේ ආරංචි මාර්ග වාර්තා කරනවා.

අදාල ලියකියවිලි කිසිදු ප්‍රශ්නයක් නැතත් 03 වැනිදා අතුරු තහනම් නියෝගයක් ලබාගත හොත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට බාධාවක් ඇති වන නිසා මෙසේ සූදානමක් ඇතැයි වාර්තා වනවා.

නිල නොවන ආරංචි මාර්ග පවසන්නේ විකල්ප අපේක්‍ෂකයා ලෙස දැනට යෝජනා වී ඇත්තේ හිටපු කතානායක චමල් රාජපක්‍ෂ මහතා බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu