gossiplanka alexa පොලීසිය ලේක්හවුස් වටලයි - මුදල් නොගෙවා පත්‍රිකා මුද්‍රණය කර පිට කළේ කවුද?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පොලීසිය ලේක්හවුස් වටලයි - මුදල් නොගෙවා පත්‍රිකා මුද්‍රණය කර පිට කළේ කවුද?

2019/10/29 අඟහරුවාදා ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය වෙත ලද පැමිණිල්ලක් ලැබී තිබුණා. ඒ එම  දින මුදල් නොගෙවා ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ සිව් වර්ණ අත් පත්‍රිකා 50,000 ක් මුදුණය කර ලේක්හවුස් ආයතනයෙන් පිට කර ඇති බවටයි.

ඒ අනුව ජාතික මැතිව රාත්‍රී 10.00 පමණ කොටුව පොලීසිය විසින් ලේක්හවුස් ආයතනයේ මුදුණ අංශය පරීක්ෂා කර තිබෙනවා.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් අඟහරුවාදා සවස 7.30 ට පමණ සහකාර මැතිවරණ කොමසාරිස්- කොළඹ සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දෑනුම්වත් කර තිබුණා.  එමෙන්ම ලේක්හවුස් සේවකයන් කීප දෙනෙක්ද මැතිවරණ කොමිසමට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණේ රාත්‍රී 7.30 ට පමණය.

නමුත් ලේක්හවුස් ආයතනය පරීක්ෂා කිරීමට පොලීසිය පැමිණියේ රාත්‍රී 9.30 ට පමණය. ඒ වන විටත් අත් පත්‍රිකා 50,000 පටවා ගත් WP ,KC 3853 කියා වර්ගයේ ජීප් රථය ලේක්හවුස් ප්‍රවාහන අංශයේ ආරක්ෂක අංශ ගේට්ටුවෙන් පිටව ගොස් තිබුණා.

මේ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය ලේක්හවුස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී -මුද්‍රණ කමල් මහතාගෙන් විමසු පසු තහවුරු කර තිබුණේ ඉහල උපදෙස් මත මෙම අත් පත්‍රිකා තොගය, මුදල් පසුව ගෙවීමේ පදනම මත මුද්‍රණය කළ බවය. මේ සම්බන්ධයෙන් ආයතනයේ මුද්‍රණය අංශයේ අංක 1400 යටතේ සටහන් තබා තිබෙන බවත් සඳහන්.

ජනාධිපති මැතිවරණ නීතිය අනුව මුදල් නොගෙවා මෙලෙස පත්‍රිකා මුද්‍රණය රාජ්‍ය ආයතන අවභාවිතාව යන ගණයට වැටෙනවා. ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයෙක් පවසන්නේ පසුව මුදල් ගෙවීම් පදනම මත හෝ මෙලෙස පත්‍රිකා මුද්‍රණය රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීමක් බවයි.

මේ සම්බන්ධයෙන් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට සහ මැතිවරණ කොමිසමට දැනුම්වත් කළ මොහොතේ පොලීසිය පැමිණියානම් පත්‍රිකා අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබු බව ලේක්හවුස් සේවකයන් පවසනවා.එලෙස දැනුම්වත් කර පැය දෙකකට පසු පොලීසිය පැමිණීම සැකයට හේතුවක් බවයි ඔවුන් පවසා තිබෙන්නේ.

එසේම තවත් පත්‍රිකා 100,000 ක් මුද්‍රණය කිරීමට නියමිත බවත් ලේක්හවුස් සේවකයන් පවසා තිබෙනවා.

ලේක්හවුස් ආයතනය 2018 වසරේ ලක්ෂ 1500 අලාභයක් ලැබු අතර එවැනි පසුබිමකදී ජනාධිපති අපේක්ෂකයන්ට මුදල් නොගෙවා පෝස්ටර් සහ අත් පත්‍රිකා මුද්‍රණය කර දීම ආයතනය තව තවත් අගාධයකට ඇද දැමීමක් බවයි ඔවුන් පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu