gossiplanka alexa ගංගා ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළට, ගාල්ල මාතර පාසැල් වසා දැමේ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවට නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගංගා ජල මට්ටම් සීඝ්‍රයෙන් ඉහළට, ගාල්ල මාතර පාසැල් වසා දැමේ,ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවට නිවේදනයක්

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් මාතර දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක් තවදුරටත් ජලයෙන් යටවී තිබෙනවා. ගිංගඟේ පිටාර ගැලීම හේතුවෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවී තිබෙනවා.කළු, නිල්වලා සහ ගිං යන ගංගාවල ජල මට්ටම් තවදුරටත් ඉහළ යා හැකි බැවින් එම ගංඟා දෙපස සිටින ජනතාව ඒ පිළිබද දැඩි අවධානයෙන් පසුව ලෙසයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර ඉදිරි පැය 24 දී බස්නාහිර ඇතුළු පලාත් කිහිපයකට මිලිමීටර් 200 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මෙලෙස මිලිමීටර් 200ට වැඩි තද වැසි ඇති විය හැකි අතර වයඹ, උතුර, නැගෙනහිර සහ ඌව පළාත්වලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කෙරෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම්දෙන්නේ ජල ගැලීම් සහ ගං වතුර නැරඹීමට යාමෙන් වළකින ලෙස යි. ජනතාව ඒවා නැරඹීමට යාමෙන් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ පිළිබදව අවධානය යොමු කරන ලෙසටයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

මේ අතර පවතින අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල මාර්ග රැසක් ද ජලයෙන් යටව පවතිනවා.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ගාල්ල සහ මාතර යන දිස්ති‍්‍රක්කවල සියළු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු පළාත් ආණ්ඩුකාවරයා ඊයේ (23) තීරණය කළා.

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය හෙට (25) රාතී‍්‍ර කාලය දක්වා තවදුරටත් පැවතිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඇතැම් මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය ක්‍ෂණිකව ඉහළ යා හැකි බැවින් ඒ පිළිබදව ධීවර සහ නාවික ප‍්‍රජාවද විමසිල්ලෙන් පසුවන ලෙසද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu