gossiplanka alexa ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිගේ ආදාහන පූජෝත්සවයට අධිකරණයෙන් තීන්දුවක් - අධිකරණ තීන්දුව ප්‍රමාද වීම නිසා දායක සභාවෙන් තීන්දුවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගුරුකන්ද විහාරයේ විහාරාධිපතිගේ ආදාහන පූජෝත්සවයට අධිකරණයෙන් තීන්දුවක් - අධිකරණ තීන්දුව ප්‍රමාද වීම නිසා දායක සභාවෙන් තීන්දුවක්

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විහාරය අසල පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් මහතා අද (23) දින නියෝග කොට සිටියා.

ගුරුකන්ද විහාර පාර්ශවයෙන් ඉදිරිපත් වූ ජ්‍යේෂ්ඨ නීතිඥ රෝහණ තල්පාවිල මහතා කියා සිටියේ අදාල නඩු තීන්දුවට පැමිණිලිකාර පාර්ශවය, නයාරු ප්‍රාදේශීය සභාව, හින්දු කෝවිල සංගමය විසින් දැඩි විරෝධය පෑ අවස්ථාවේදී මුලතිව් මහෙස්ත්‍රාත් එස්.ලෙනින් කුමාර් මහතා අවධානමක්ද ගනිමින් බෞද්ධ සම්ප්‍රධාය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන ව්‍යවස්ථාව බලපැවත්වෙන් බව පවසමින් මෙම නඩු තීන්දුව පන්සල් භූමිය අසලම පිහිටි නයාරු මුහුදු වෙරලේ සිදු කිරීමට නියෝගය කොට සිටි බවයි.

ගුරුකන්ද පුරාණරජමහා විහාරයට ඉදිරියෙන් පිහිටි ගැමුණු හේවා බලකා කඳවුරට පිටුපසින් පිහිටි නයාරු මුහුදු තීරයේදී අපවත් වූ පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන්ගේ අවසන් කටයුතු සිදු කිරීමට මුලතිව් මහෙස්ත්‍රාත් තුමන් විසින් නියෝග කොට සිටි අතර ප්‍රදේශයේ මහජන සාමය ආරක්ෂා වන අයුරින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මුලතිව් පොලීසිය වෙතටද නියෝග කොට සිටියා.

නමුත් මුලතිව් අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට හා නියෝගය ලැබීමට ප්‍රමාදවීමත් පැවති දැඩි වර්ෂාපනය හා පාංශකූල කටයුතු අවසන්ව තිබීම හේතුවෙන් විහාරාධිපතිහිමියන්ගේ දේහය නරක් වීමට ඉඩපැවති හෙයින් ආදාහන පූජොත්සවය විහාර භූමියේම කෙලවරක පැවත්වීමට ශාශනාරක්ෂක බලමණ්ඩලය විසින් තීරණය කළ බවට ගුරුකන්ද විහාරයේ දායක සභාව කියා සිටිනවා.

කෙසේ වෙතත් ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට හින්දු කොවිල් සංගමය ඇතුලු නඩුවට පෙනී සිටි නීතීඥවරුන් පිරිසක් විසින් පැමිණ දැඩි විරෝධය පෑම නිසාවෙන් එම ස්ථානයේ දැඩි නොසන්සුන්තාවයක් හටගත් අතරම මුලතිව් පොලීසිය පැමිණ එය මැඩපැවත්වූ බව සඳහන්.

එමෙන්ම ආදාහන පූජොත්සවය පැවති ස්ථානයට පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන්ද පැමිණ විහාරාධිපති හිමියන්ගේ අවසන් කටයුතු විහාර භූමිය තුලම සිදු කර යුතු බවට ප්‍රකාශ කොට සිටි අතර දේහයේ පාංශුකූල කටයුතු අවසන් වීමෙන් පසුව අදාහන පූජෝත්සවය සිදු කිරීමට දායක සභාව විසින් පියවර ගෙන තිබෙනවා.

එහිදී පූජ්‍ය ගලගොඩඅත්තේ හිමියන් පවසා සිටියේ,

‘‘රජයක් තිබුනේනම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැනේ මිනිස්සු මේ නීතිය අතට ගන්නේ නෑනෙ එකම රටක එකම නීතියක් ක්‍රියාත්මක නොවීමේ විපාක මේ ඕන ඕන විදිහට මේ ඡන්ද දෙමළ ජාතක සන්ධානයේ ඡන්ද බලාගෙන මේ ඉන්න අගමැති පිස්සු වැඩක් මේ කරන්නේ ඒකෙන් අන්තිමට ගැටුම් ඇති කරගන්නේ මේ මිනිස්සු ඒක එහෙම වෙන්න දෙන්න බැහැ. යනුවෙනි.

නමුත් එයට විරෝධය පෑ හින්දු කොවිල් සංගමය හා ප්‍රදේශවාසීණ් පිරිසක් විසින් කියා සිටියේ මුලතිව් අධිකරණයේ නඩු තීන්දුව නොසලකමින් මෙවැනි පියවරක් ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගයකට පිවිසෙන බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu