gossiplanka alexa නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපතිගේ දේහය ආදාහනය කිරීමට දෙමළ ජනතාවගෙන් විරෝධය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ විහාරාධිපතිගේ දේහය ආදාහනය කිරීමට දෙමළ ජනතාවගෙන් විරෝධය

පවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍යේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් වහන්සේගේ දේහය විහාරස්ථානයේ තබා ගැනීම හා අදාහනය කිරීමට විවිධ පාර්ශවයන්ගෙන් බාධා එල්ල වි තිබෙන බව විහාරස්ථානයේ දායක සභාව පවසනවා.

පසුගිය සමයේදී දෙමළ දේශපාලන නියෝජිතයින්ගේ මැදිහත්වීම මත මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථාන භූමියේ ‘‘නිරාවිය පිල්යාර් කෝවිල‘‘  නමැති කෝවිලක් ඉදිකිරීමට පිරිසක් කටයුතු කළ අතර, ගුරුකන්ද රජමහා විහාරස්ථාන‍ය පැවති ස්ථානය දෙමළ ජනතාවගේ ඉඩම් පවතින බවට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුණා. 

එවන් තත්වයක් යටතේ නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් විහාරාධිපති නාහිමියන්ට පසුගිය සමයේ විවිධ බලපෑම් එල්ල කළ බව නයාරු ප්‍රදේශවාසීන්  ප්‍රකාශ කරනවා.

තත්ත්වය මෙසේ තිබිය දී විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමට විරුද්ධව මුලතිව් නයාරු නිරාවිය පිල්ලයාර් කෝවිලේ පාලක සභාව හා ප්‍රදේශයේ දෙමළ ජනතාව විසින් මුලතිව් පොලිසිය වෙත සිදුකළ පැමිණිල්ලක් මත මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය එලෙස නියෝගයක් ලබා දෙමින් සඳහන් කර ඇත්තේ අධිකරණ නියෝගයක් ලැබෙන තෙක් දේහය ආදාහනය නොකළ යුතු බවයි.

අද (22) උදෑසන විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙන ඒමෙන් අනතුරුව අදාළ අධිකරණ නියෝගය ලැබුණු බවයි මුලතිව් ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ දායක සභාවේ ලේකම් මානිල් කරුණාරත්න සඳහන් කළේ.

අදාළ නියෝගය මගින් දැනට විහාරස්ථානයේ විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් වෙත හා දායක සභාවේ නිළධාරීන්ට හෙට (23) උදැසන මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසටද නියෝගයක් ලැබී ඇති අතර අදාළ අධිකරණ නියෝගයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ විහාර පරිශ්‍රය සහ කෝවිල් පරිශ්‍රය තුළ ආගමික වතාවත්වලට අගෞරව වන ආකාරයෙන් කිසිඳු සිදුවීමක් නොකළ යුතු බවයි.

කෙසේ වෙතත් මෙම තත්වය හමුවේ විහාරාධිපති නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ගෙනඒමට පවා ගැටළුවක් ඇතිවී ඇති අතර, ගැටළුව හේතුවෙන් විහාරස්ථානයේ දායක සභාව සහ තමන් වහන්සේද මහත් අසරණ වී ඇති බවයි විහාරාධිකාරි මිහිදුපුර රතන‍දේව කිත්ති නාහිමියන් ප්‍රකාශ කරනවා. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu