gossiplanka alexa ගෝඨාභය රාජපක්ෂට ඇප බඳියි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ගෝඨාභය රාජපක්ෂට ඇප බඳියි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් පෙරේදා (20) එම පෙරමුණ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරන ලදී.

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුළු දේශපාලන නියෝජිතයෝ රැසක් එක්ව සිටියහ.

එහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටියේ කඩාවැටී ඇති රට ගොඩනැඟීමට ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙනුවෙන් සුභ නැකතින් ඇප මුදල් තැන්පත් කළ බවයි. මෙහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කලේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ නව සන්ධානය එළැඹෙන 05දා බිහි කිරීමට පසුගියදා පැවති පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කල බවයි. මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයට එකතු වන සියලු දේශපාලන පක්ෂ වල සහභාගීත්වයෙන් ගිවිසුමක් අත්සන් කොට එක දේශපාලන සන්ධානයක් බවට පත්වීම එදිනට සිදුවන බවද සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ වෙනකොට එකඟතාවකට පැමිණ තිබුණොත් මෙයට එකඟ වෙවී. නැතහොත් පසුව හෝ ඔවුන්ට මේ සන්ධානය සමඟ එකතු වීමට කිසිදු බාධාවක් නැහැ. මේ සන්ධානය අපිට අවශ්‍ය වන්නේ මහා මැතිවරණයට. ඒ නිසා කාලය පිළිබඳව ප්‍රශනයක් නැහැ. ජනාධිපතිවරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් ගෝඨාභය මහතාව ඉදිරිපත් කරනවා. ජනාධිපතිවරණයේදී පක්‍ෂය හා ලකුණ වෙනස් වන්නේ නැහැ .
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu