gossiplanka alexa අකිලට වසරක් ක්‍රිකට් පිටිය තහනම් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අකිලට වසරක් ක්‍රිකට් පිටිය තහනම් වෙයි

වසීලන්තය සමඟ පසුගිය අගෝස්තු මාසයේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරඟය අතරතුරදී පන්දුව දමා ගසන බවට චෝදනා ලැබූ අකිල ධනංජයට වසරක තරඟ තහනමක් පැනවීමට අයි.සී.සී පියවර ගෙන ඇත.

ඒ අනුව අගෝස්තු 14වැනිදා සිට 18වැනිදා දක්වා පැවති එම තරඟ අතරතුරදී පන්දුව දමා ගසන ලද බවට චෝදනා ලැබ එය නිදොස් කර ගැනීමේ පරීක්ෂණයක් වෙනුවෙන් ඉන්දියාවට යෑමට අකිලට සිදු වූ අතර, මෙම පරීක්ෂණයෙන් අනතුරුව පෙනී ගොස් ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුව පන්දු යවන්නන්ට ඇත නැමිය හැකි අංශක 15ක උපරිම කෝණය අකිල ඉක්මවා යන බවය. එහිදී ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයේදී පසුගිය අගෝස්තු 29 වැනිදා පැවති මෙම පරීක්ෂණය සඳහා අකිලගේ පන්දු 18ක් කැමරා කාච 24ක් යොදාගෙන ඇතැයිද පැවසේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ නොවැම්බර් මස ගාල්ලේදීම පැවති එංගලන්ත-ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේදීද අකිල ධනංජයගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව අයි.සී.සී.ය පළමු වරට නිවේදනය කිරීමෙන් පසුව ඊට මාස දෙකකට පමණ පසුව අකිල යලිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණියේ සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කරගත් බව අයි.සී.සී.යට පරීක්ෂනාත්මක්ව තහවරු කර ගනිමිනි. එහෙත් ජාත්‍යන්තර ක්‍රිකට් නීතියට අනුව පන්දු යවන්නෙක් පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල නොවන බව තහවරු වී වසර දෙකක් ඇතුලත යළිත් එවැනි සිදුවීමක් වාර්තා වී වරදකරු වුවහොත් ස්වයංක්‍රියව වසරක තහනමක් පන්දු යවන්නට හිමිවන බැවින් අකිලට මෙම තහනම පැනවී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu