gossiplanka alexa රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ සිට ඉහළට වැ‍ටුප් වැඩි කෙරේ, වැඩි කරන වැ‍ටුප් ප්‍රමාණය පිළිබඳ තොරතුරු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ සිට ඉහළට වැ‍ටුප් වැඩි කෙරේ, වැඩි කරන වැ‍ටුප් ප්‍රමාණය පිළිබඳ තොරතුරු

නාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කරන ලද එස්.රනුග්ගේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා ඉවත් කිරීමේ කමිටු නිර්දේශ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින්  සියලු රාජ්‍ය නිලධාරින්ගේ වැටුප 2020 ජනවාරි 01 සිට තව දුරටත් වැඩි කිරීමට තීරණය කර තිබෙනවා.  

මෙම නව වැටුප් වැඩි කිරීම අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියකුගේ ආරම්භක වැටුප රුපියල් 9,587කින් ද, අමාත්‍යාංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 23,975කින් ද වැඩි වනවා.

රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ වැටුප රුපියල් 3,000කින් වැඩිවන අතර කළමනාකරණ සහකාරවරයකුගේ වැටුප රුපියල් 4,320කින් ද, සංවර්ධන නිලධාරියකුගේ වැටුප 5,040කින් ද, වැඩි වීමට ලක් වනු ඇති. 

මෙම සියලු වැඩි කිරීම් සිදු කර ඇත්තේ එම නිලධාරීන්ගේ වැටුප 2020 ජනවාරි වන විට 2015 ආරම්භක වැටුපට සාපේක්ෂව 107% ප්‍රතිශතයකින් වැඩ කර තිබීමට අමතරවයි. කෙසේ වෙතත් ඊයේ (24) අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලද පඩි වැඩිවීමේ 50% ප්‍රතිශතය 2020  ජනවාරි සිට ගෙවන අතර ඉතිරිය 2021 ජනවාරි සිට ගෙවනු ලබන බවට සඳහන්. 

එම සෑම වගුවකම 2020.01.01 දිනට ආරම්භක වැටුප යනුවෙන් සඳහන් කර ඇත්තේ සේවකයාගේ 2015 ආරම්භක වැටුපට සාපේක්ෂකව 2020 ආරම්භක වැටුප 107%කින් වැඩි කිරීමෙන් පසුව පිහිටුවන ලද මාසික වැටුපේ අගයයි. ඊට අමතරව 2015 වර්ෂයට සාපේක්ෂව 2020 වර්ෂයේ දී රජයේ විවිධ ක්ෂේත්‍රයන් සඳහා ගෙවනු ලබන වගුවක් ද පිටු අංක 05 වශයෙන් අමුණා තිබෙනවා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu